සිමෙන්ති හිඟය පියවීමට නව කම්හලක්

cement

හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෘප් (පුද්.) සමාගම සහ ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය.

මෙම ගිවිසුම් යටතේ, කිලෝමීටර් 2.4ක දිගින් යුතු කන්වේයර් බෙල්ට් එකක් මගින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය එකිනෙක සම්බන්ධ කෙරෙයි.

එමෙන්ම මෙම ගිවිසුම්වලට අනුව, ලංවා සංස්ථා සිමෙන්ති සමාගම වෙත අනුයුක්ත කර ඇති ජැටිය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට එම සමාගම සතු ෂිප් අන්ලෝඩර් දෙකකට අවස්ථාව ලැබේ.

වරාය සහ කර්මාන්තශාලාව යා කරන ඉහළම කාර්යක්ෂමතාවකින් යුතු කන්වේයර් බෙල්ට් එක නිසා අපතේ යාම් සහ පරිසර දූෂණය අවම වන අතර,

මෙය පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් කාර්යක්ෂමතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් අනෙකුත් සමාගම්වලටද මහඟු ආදර්ශයක් වනු ඇත.

දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන මෙම කන්වේයර් බෙල්ට් එක මගින් පැයකට අමුද්‍රව්‍ය ටොන් 1,200ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම නවීනතම යටිතල පහසුකම් භාවිත කරමින්, ටොන් 60,000ක ධාරිතාවෙන් යුත් නෞකාවකින් රැගෙන එනු ලබන අමුද්‍රව්‍ය දින 03ක් තුළ ගොඩබෑමට මීට හැකියාව පවතී.

ලංවා සංස්ථා සිමෙන්ති සමාගම යනු 100%ක්ම දේශීය ආයෝජනයක් යටතේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ සමාගමකි. එළඹෙන ජනවාරි මාසයේදී මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වූ පසු,කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාත්තශාලාව සමත් වනු ඇතැයි අපේක්ෂක්ෂා කෙරේ.

සාමාන්‍ය පෝට්ලන්ඩ්. සිමෙන්ති, බිලෙන්ඩඩ් හයිඩ්රොලික් සිමෙන්ති, පෝලන්ඩ් හුණුගල් සිමෙන්ති සහ සහපෝර්ට්ලන්ඩ් සිමෙන්ති ඇතුළුව අඹරන ලද සිමෙන්ති නිෂ්පාදන සියල්ලම පාහේ මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කිරීමට සුදානමින් සිටී.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….