cement

හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෘප් (පුද්.) සමාගම සහ ලංවා සංස්ථා සිමෙන්ති කෝපරේෂන් (පුද්.) සමාගම අතර විශේෂ ගිවිසුම් දෙකකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය.

මෙම ගිවිසුම් යටතේ, කිලෝමීටර් 2.4ක දිගින් යුතු කන්වේයර් බෙල්ට් එකක් මගින් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය එකිනෙක සම්බන්ධ කෙරෙයි.

එමෙන්ම මෙම ගිවිසුම්වලට අනුව, ලංවා සංස්ථා සිමෙන්ති සමාගම වෙත අනුයුක්ත කර ඇති ජැටිය පරිශ්‍රයේ මෙහෙයුම් කටයුතු සිදුකිරීමට එම සමාගම සතු ෂිප් අන්ලෝඩර් දෙකකට අවස්ථාව ලැබේ.

වරාය සහ කර්මාන්තශාලාව යා කරන ඉහළම කාර්යක්ෂමතාවකින් යුතු කන්වේයර් බෙල්ට් එක නිසා අපතේ යාම් සහ පරිසර දූෂණය අවම වන අතර,

මෙය පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් කාර්යක්ෂමතාව වැඩි කරගැනීම සම්බන්ධයෙන් අනෙකුත් සමාගම්වලටද මහඟු ආදර්ශයක් වනු ඇත.

දුහුවිලි ඇතුළු නොවන පරිදි ආවරණය කර අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන මෙම කන්වේයර් බෙල්ට් එක මගින් පැයකට අමුද්‍රව්‍ය ටොන් 1,200ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම නවීනතම යටිතල පහසුකම් භාවිත කරමින්, ටොන් 60,000ක ධාරිතාවෙන් යුත් නෞකාවකින් රැගෙන එනු ලබන අමුද්‍රව්‍ය දින 03ක් තුළ ගොඩබෑමට මීට හැකියාව පවතී.

ලංවා සංස්ථා සිමෙන්ති සමාගම යනු 100%ක්ම දේශීය ආයෝජනයක් යටතේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ සමාගමකි. එළඹෙන ජනවාරි මාසයේදී මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ වූ පසු,කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාත්තශාලාව සමත් වනු ඇතැයි අපේක්ෂක්ෂා කෙරේ.

සාමාන්‍ය පෝට්ලන්ඩ්. සිමෙන්ති, බිලෙන්ඩඩ් හයිඩ්රොලික් සිමෙන්ති, පෝලන්ඩ් හුණුගල් සිමෙන්ති සහ සහපෝර්ට්ලන්ඩ් සිමෙන්ති ඇතුළුව අඹරන ලද සිමෙන්ති නිෂ්පාදන සියල්ලම පාහේ මෙම කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කිරීමට සුදානමින් සිටී.

Similar Posts