සහල්, පරිප්පු, සීනි ගන්න දීර්ඝ පෝලිම් – එළවළු මිල යලි ඉහළට

සහල්,රතු පරිප්පු සහ සිනි තොග ලැබිමත් සමග එම ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පාරිභෝගිකයන් සතොස ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටිහ.

හැටන් සතොස ශාඛාවෙන්  සැම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ 05 බැගින් , රතු පරිප්පු කිලෝවක් සහ දුඹුරු සිනි කිලෝවක් බැගින් නිකුත් කෙරිණ.

සැම එළවළු වර්ගයකම මිල ඉහල ගොස් ඇති බව එළවළු වෙළෙන්දන් සදහන් කරති.

තක්කාලි කිලෝවක් රු 800 , කැරට් කිලෝවක් රු 400 , මාළු මිරිස් කිලෝවක් රු 400 , බටු කිලෝවක් රු 450 , අර්තාපල් කිලෝවක් රු 300 , ලික්ස් , බිට්රුට් සහ ගෝවා කිලෝවක් රු 300 මිලකටත් , අමු මිරිස් කිලෝවක් රු 600 වැනි මිලකට අලෙවි වන බව එම වෙළෙදුන් කියා සිටියි.

More Stories