රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (06) අධිකරණයට පෙත්සමක් මගින් කරුණු වාර්තා කිරීමට නියමිතයි.
මෙම යානය කටුනායක ගුවන් තොටුපලේදී රඳවා ගැනුනේ පසුගිය 2 වනදා සිටයි.
එහි සිටි මගීන් 191 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු සමඟ ඊයේ (05) වනවිට මෙරටින් පිටත්ව ගොස් තිබුණි.
උද්ගත වූ තත්වය හමුවේ රුසියාවේ සිට ශ්රී ලංකාව දක්වා වාණිජ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද එරෝෆ්ලොට් ගුවන් සමාගම පියවර ගත්තේය.






