ඉංජිනේරු මාෆියාව නිසා අපට අහිමි වූ පාවෙන සූර්ය බලාගාර

surya-balaya

ශ්‍රී ලංකාවට අවසන් අවස්ථාවේදීත් මුලු ධාරිතාව 400 MW වන පාවෙන සූර්ය බලාගාර ( floating solar) ව්‍යාපෘති 2 ක් යෝජනා කල ව්‍යාපෘති උපදේශකයෙකු ලෙස කණගාටුවෙන් ලියා තබමි.

අද දින විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කතාව අසන විට .., නොදැනීම දෑස් කඳුළින් තෙත් උනේ ඇත්තටම වසර ගණනාවක් පුරාවට අපි කරන්න උත්සහ කරපු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නැවත නැවතත් ස්මරණය වීමෙනි.
සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ න්‍යෂ්ටික බලශක්තිය වැනි පුනර්ජනනීය ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ නිසිකලට සිදු උනානම්… අද බලශක්ති අර්බුධයක් ලෙස අපේ රටට අත්ව තිබෙන ඛේදනීය ඉරණම කිසිදාක අත් නොවනු ඇත.

මාෆියාව ඒ සියල්ල ගිලගත්තේය.
වසර ගණනාවක සිට පසුගිය වසරේ Invitation for Submission of Proposals (SMRE / DEV / 02/55/2021) අංකය දරණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SEA) කැඳවූ Invitation for Submission of Proposals & expression of interest for renewable energy sector in sri lanka ව්‍යාපෘතිය දක්වා බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලෝකයේ ඉහළින්ම වැජඹෙන චීන සමාගම් සහ යුරෝපීය සමාගම් සමග මේ මගේ රටේ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යෝජනා වෙනුවෙන් මමත් මගේ සගයනුත් වූ මහන්සිය කල කැපකිරීම් මේ මොහොතේදී පවා මට දැඩි වෙහෙසකර හැගුමක් මෙනිම සුසුමක් ගෙන එයි.

බොහොමයක් ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමාගම්, ජාත්‍යන්තර නිදහස් බලශක්ති නිෂ්පාදකයින් ( independent power producers-IPP) , බලශක්ති ආයෝජකයින් ( power investors) සමග සති ගණන් , මාස ගණන් … දිවා රෑ නැතුව සාකච්ඡා කරමින් හෝටල් වලට බිල්පත් ගෙවමින් අපේ රටට එම ආයෝජනය කිරීමට එකඟ කර ගැනීමට මෙන්ම ව්‍යාපෘති සදහා යෝජනා සැකසීමට අපි වියදම් කළේ අපි හරිහම්බ කරගත්ත මුදල්. කාලය, ශ්‍රමය , මුදල් මොනතරම් කැප කරන්න ඇද්ද.

මේ සෑම කටයුත්තකදීම ව්‍යාපාරික චේතනාව 50% ක් මම ළඟ තිබුණ නං , ඉතුරු 50% ම තිබ්බේ අපේ රටේ අනාගත විදුලි අර්බුදය නිමා කරලා, කලාපයේ අඩුම මිලට කර්මාන්ත සඳහා විදුලි බලය ලබා දෙන රට බවට අපේ රට පත් කරගෙන, විදේශීය කර්මාන්තශාලා විදේශීය සහ නිෂ්පාදකයින් අපේ රටට ආකර්ෂණය කර ගෙන අපේ රට industrial country එකක් බවට පත්කරන සිහිනයි…
මේ රටේ වර්තමානයේ බලශක්තිය අර්බුදයට 99%ක්ම වගකිවයුත්තේ විදුලිබල මණ්ඩලයේ සිටින තුච්ඡ පහත් කාලකන්නි අධම නිලධාරී මාෆියාවයි ඉංජිනේරු මාෆියාවයි.

Grid එක unbalance වෙනකොට හදිසි විදුලි මිලදී ගැනීමේ යටතේ ටෙන්ඩරයක් වත් කැඳවන්නේ නැතුව හිතුණු හිතුණු ගණන් වලට හදිසි විදුලිය ( emergency power) මිලදී ගෙන කොමිස් වලින් සාක්කු පුරෝගන්න අසික්කිත නිලධාරීන් කවදාවත් කැමැති වුණේ නැහැ පුනර්ජනනීය බලශක්තියෙන් මගේ මව්බිම පෝෂණය වනවාට.

ඉන්ධන යොදා ගෙන තාප විදුලි බලාගාර තුළ රුපියල් හැට හැත්තෑවට විදුලි ඒකකයක් නිර්මාණය කරද්දී, emergency power purchase ලේබල් එක ගහගෙන රුපියල් 60, 70ව වෙනකන් ඉහළ මිලට පුද්ගලික generator බලාගාරවලින් විදුලිය මිලදී ගනිද්දී … ඔවුන්ගේ සාක්කුවලට purogaththa කොමිස් වලින් ඔවුන්ගේ දරුවන්ට කන්න දෙන්න ඇති 😢
නමුත් අද එයින් මේ රටේ සමස්ත ජාතියක් විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අවාසනාවන්ත ලෙස අපි කඩාවැටෙනවා.
මම ආයෙමත් සැරයක් බොහොම සංවේදීව කියන්නට කැමතියි මම ඉදිරිපත් කරපු අවසන් මෙගාවොට් 400MW (200mwx2) සුර්ය බලාගාර ව්‍යාපෘති දෙක සඳහා tariff එක වශයෙන් ඒකකයකට අපි මිල යෝජනා කරලා තියෙන්නේ රුපියල් 14 යි.

කොමිස් අරගෙන, තමන්ගේ දරුමල්ලෝ, දරුවන්ගෙ දරුවො, ඒ දරුවන්ගෙ දරුවො සහ ඒ දරුවන්ගෙ දරුවො සුඛෝපභෝගීව ජීවත් කරවන්න…. ඒ චේතනාවෙන් රටේ අනාගතය මෙන්ම වර්තමානයද පහත් අන්දමට කෙලෙසන විදුලිබල මාෆියාකරුවනි තොපිට ශාප වේවා !!!!

රණහංස වික්‍රමරත්න
ව්‍යාපෘති හා ව්‍යාපෘති මූල්‍යයකරණ උපදේශක

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….