surya-balaya

ශ්‍රී ලංකාවට අවසන් අවස්ථාවේදීත් මුලු ධාරිතාව 400 MW වන පාවෙන සූර්ය බලාගාර ( floating solar) ව්‍යාපෘති 2 ක් යෝජනා කල ව්‍යාපෘති උපදේශකයෙකු ලෙස කණගාටුවෙන් ලියා තබමි.

අද දින විදුලිබල හා බලශක්ති කැබිනට් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කතාව අසන විට .., නොදැනීම දෑස් කඳුළින් තෙත් උනේ ඇත්තටම වසර ගණනාවක් පුරාවට අපි කරන්න උත්සහ කරපු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති නැවත නැවතත් ස්මරණය වීමෙනි.
සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ න්‍යෂ්ටික බලශක්තිය වැනි පුනර්ජනනීය ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ නිසිකලට සිදු උනානම්… අද බලශක්ති අර්බුධයක් ලෙස අපේ රටට අත්ව තිබෙන ඛේදනීය ඉරණම කිසිදාක අත් නොවනු ඇත.

මාෆියාව ඒ සියල්ල ගිලගත්තේය.
වසර ගණනාවක සිට පසුගිය වසරේ Invitation for Submission of Proposals (SMRE / DEV / 02/55/2021) අංකය දරණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SEA) කැඳවූ Invitation for Submission of Proposals & expression of interest for renewable energy sector in sri lanka ව්‍යාපෘතිය දක්වා බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයේ මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලෝකයේ ඉහළින්ම වැජඹෙන චීන සමාගම් සහ යුරෝපීය සමාගම් සමග මේ මගේ රටේ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යෝජනා වෙනුවෙන් මමත් මගේ සගයනුත් වූ මහන්සිය කල කැපකිරීම් මේ මොහොතේදී පවා මට දැඩි වෙහෙසකර හැගුමක් මෙනිම සුසුමක් ගෙන එයි.

බොහොමයක් ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමාගම්, ජාත්‍යන්තර නිදහස් බලශක්ති නිෂ්පාදකයින් ( independent power producers-IPP) , බලශක්ති ආයෝජකයින් ( power investors) සමග සති ගණන් , මාස ගණන් … දිවා රෑ නැතුව සාකච්ඡා කරමින් හෝටල් වලට බිල්පත් ගෙවමින් අපේ රටට එම ආයෝජනය කිරීමට එකඟ කර ගැනීමට මෙන්ම ව්‍යාපෘති සදහා යෝජනා සැකසීමට අපි වියදම් කළේ අපි හරිහම්බ කරගත්ත මුදල්. කාලය, ශ්‍රමය , මුදල් මොනතරම් කැප කරන්න ඇද්ද.

මේ සෑම කටයුත්තකදීම ව්‍යාපාරික චේතනාව 50% ක් මම ළඟ තිබුණ නං , ඉතුරු 50% ම තිබ්බේ අපේ රටේ අනාගත විදුලි අර්බුදය නිමා කරලා, කලාපයේ අඩුම මිලට කර්මාන්ත සඳහා විදුලි බලය ලබා දෙන රට බවට අපේ රට පත් කරගෙන, විදේශීය කර්මාන්තශාලා විදේශීය සහ නිෂ්පාදකයින් අපේ රටට ආකර්ෂණය කර ගෙන අපේ රට industrial country එකක් බවට පත්කරන සිහිනයි…
මේ රටේ වර්තමානයේ බලශක්තිය අර්බුදයට 99%ක්ම වගකිවයුත්තේ විදුලිබල මණ්ඩලයේ සිටින තුච්ඡ පහත් කාලකන්නි අධම නිලධාරී මාෆියාවයි ඉංජිනේරු මාෆියාවයි.

Grid එක unbalance වෙනකොට හදිසි විදුලි මිලදී ගැනීමේ යටතේ ටෙන්ඩරයක් වත් කැඳවන්නේ නැතුව හිතුණු හිතුණු ගණන් වලට හදිසි විදුලිය ( emergency power) මිලදී ගෙන කොමිස් වලින් සාක්කු පුරෝගන්න අසික්කිත නිලධාරීන් කවදාවත් කැමැති වුණේ නැහැ පුනර්ජනනීය බලශක්තියෙන් මගේ මව්බිම පෝෂණය වනවාට.

ඉන්ධන යොදා ගෙන තාප විදුලි බලාගාර තුළ රුපියල් හැට හැත්තෑවට විදුලි ඒකකයක් නිර්මාණය කරද්දී, emergency power purchase ලේබල් එක ගහගෙන රුපියල් 60, 70ව වෙනකන් ඉහළ මිලට පුද්ගලික generator බලාගාරවලින් විදුලිය මිලදී ගනිද්දී … ඔවුන්ගේ සාක්කුවලට purogaththa කොමිස් වලින් ඔවුන්ගේ දරුවන්ට කන්න දෙන්න ඇති 😢
නමුත් අද එයින් මේ රටේ සමස්ත ජාතියක් විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අවාසනාවන්ත ලෙස අපි කඩාවැටෙනවා.
මම ආයෙමත් සැරයක් බොහොම සංවේදීව කියන්නට කැමතියි මම ඉදිරිපත් කරපු අවසන් මෙගාවොට් 400MW (200mwx2) සුර්ය බලාගාර ව්‍යාපෘති දෙක සඳහා tariff එක වශයෙන් ඒකකයකට අපි මිල යෝජනා කරලා තියෙන්නේ රුපියල් 14 යි.

කොමිස් අරගෙන, තමන්ගේ දරුමල්ලෝ, දරුවන්ගෙ දරුවො, ඒ දරුවන්ගෙ දරුවො සහ ඒ දරුවන්ගෙ දරුවො සුඛෝපභෝගීව ජීවත් කරවන්න…. ඒ චේතනාවෙන් රටේ අනාගතය මෙන්ම වර්තමානයද පහත් අන්දමට කෙලෙසන විදුලිබල මාෆියාකරුවනි තොපිට ශාප වේවා !!!!

රණහංස වික්‍රමරත්න
ව්‍යාපෘති හා ව්‍යාපෘති මූල්‍යයකරණ උපදේශක

Similar Posts