gal-aguru

වැඩි මිල දර්ශකයක් ඉදිරිපත් කර, අඩු මිල දශකයක් යටතේ වන ගල්අඟුරු මෙට්‍රික් ටොන් 6,300,000ක් ලක්විජය බලාගාරයට දිර්ඝ කාලීන ප්‍රසම්පාදනය යටතේ ආනයනය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම විගණන වාර්තාවට අනුව මෙම ගල්අගුරු තොග ගෙවා තීබෙන්නේ රුසියානු කලාපයෙනි.

එම කලාපයේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 179.55ක් ලෙස දක්වා ඇති අතර අදාළ සමාගම ඉදිරිපත් කර තිබෙන්නේ ටොන් එකක් ඩොලර් 284.84ක් වශයෙනි.

මෙම මිල ගණන් අතර පරතරය අවම කර ගැනීම සඳහා අදාළ සමාගම සමග සාකච්ඡා කිරීමට හැකියාව තිබියදී ඒ සඳහා උත්සාහයක්වත් ගෙන නැතැයිද විගණන වාර්තාවේ සඳහන් වේ.

රුසියානු හා ඉන්දුනීසියානු කලාපයේ ගල් අකුරුවල මිල දර්ශකය ඉතා පහළ අගයක් ගන්නා අතර ඔස්ට්‍රේලියානු මිල දර්ශකය පවතින්නේ ඉතා ඉහළ අගයක බවද මෙම ගල්අගුරු තොග ගෙන්වා තිබෙන්නේ එම ඉහළ අගයක් ගන්නා මිල දර්ශක අනුව බවද එම වාර්තාවේ සඳහන් වේ.

Similar Posts