වෙනස නව සන්ධානය ජනගත වෙයි

ජන අරගලයෙන් බිහිවූ දේශපාලන සංවිධාන හා සිවිල් සංවිධාන සහ අරගලයේ පාර්ශවකරුවන් වූ සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් වෙනස නව සන්ධානය ගිවිසුම්ගතවීම හා ජනගත කිරීමේ උත්සවය ඊයේ (12) සිදු කෙරුණා.

ඒ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දීයි.

ජීවන ක්‍රමය හා සංස්කෘතිය යහපත් ලෙස වෙනස් කිරීම, ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජයීය, සාක්ෂරතාවය දියුණු කිරීම තුළින් සතුටින් ජීවත් වන ජනතාවක් සිටින රටක් බවට පත් කිරීම, නැවත වරක් පුද්ගලයින් හෝ පක්ෂ විශ්වාස කර බලය ලබාදීමෙන් රට ගොඩ ගත නොහැකි බැවින් කවුරුන් ආවත් වෙනස් කළ නොහැකි සිස්ටම් එකක් රට තුළ ඇති කිරීම වෙනස නව සන්ධානයේ අපේක්ෂාව බවයි එහි සභාපති සුසන්ත කොඩිතුවක්කු පවසන්නේ.

එමෙන්ම, දූෂිත දේශපාලන ක්‍රමය අවසන් කිරීම, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති පවුල් කල්ලි හෝ පුද්ගලයින් කිහිපදෙනෙකුට උරුම වූ දේශපාලන පක්ෂ ක්‍රමය වෙනුවට ජනතාව විසින් ජනතාව වෙනුවෙන් නිර්මාණය කරන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය, ජාවාරම්කාර කොල්ලකාරී ආර්ථික ක්‍රමය වෙනස් කිරීම වැනි කරුණු මත මෙම සංවිධානය ජනගත කරන බව වෙනස නව සන්ධානයේ උප සභාපති පියවී විජයවර්ධන පවසනවා.

තවද, වෙනස නව සන්ධානය බලයට පත් වූවහොත් කිසිවෙකුට යටත් නොවී මෙරටේ ජීවත්විය හැකි බව ද, දශක 07ක් විවිධ පක්ෂයන් බලයට පත් වුවත් මෙරට ගොඩගැනීමට කිසිඳු පක්ෂයකට නොහැකි වූ අතර 2022 දී ජනතාවද එය හොඳින් තේරුම්ගත් නිසා ඒ මිනිසුසුන්ට ඡන්දෙට කතිරෙ ගහන්න අවස්ථාවක් නොමැති බැවින් ඒ අවස්ථාව ඇති කිරීමට වෙනස නව සන්ධානය පිහිට වූ බව ද ඔහු මෙහිදී පැවසුවා.

එමෙන්ම, මෙම වෙනස නව සන්ධානයේ අර්බුදයෙන් වාසි නොගැනීම, ලංකාව තුළ සිටින ක්ෂේත්‍ර 22ක ජනතාව එකතුකරගෙන එම ක්ෂේත්‍රවල සාක්ෂරතාවය වැඩිකරගෙන රට හදන්න කටයුතු කරන බව ද, ප්‍රමුඛතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අත්‍යාවශ්‍ය දේවල්වලට හැර රටේ මුදල් වියදම් නොකරන බව ද, සිස්ටම් එකක් හරහා රට හැදුවහොත් රටට වෙන හානිය අවද කර ගත හැකි බැවින් පුද්ගලයෙක් මූලික කර නොගෙන සිස්ටම් එකක් මුල් කර ගන්නා බවයි පියවී විජයවර්ධන එහිදී වැඩිදුරටත් පැවසුවේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….