ආර්ථික දුෂ්කරතා ළමා අපයෝජන ඉහළ යාමට හේතුවක් UNICEF සංවිධානය කියයි

UNICEF

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණත් පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ළමා අපයෝජන සිද්ධි වැඩි වීමේ අවදානමක් පවතින බව යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානය ප්‍රකාශ කරයි.

වසර ගණනාවක් පැවැති යුද්ධ ගැටුම්, සුනාමි උවදුර, කොවිඩ්-19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුළු දුෂ්කරතාවන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රටක් ලෙස මුහුණ දුන් ජාතික ගැටලු කිහිපයකින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණ අත්කරගෙන ඇති බව එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් ප්‍රකාශ කළේ ය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සර දිනය යෙදුණු පසුගිය දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ය.

දරුවන්ට සහ තරුණයන්ට සවන් දීමට සහ ඔවුන්ගේ හඬ අවදි කරමින් ඔවුන්ගේ ක්‍රියාවන්ට සහය ලබාදීම සඳහා UNICEF සංවිධානය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති තරුණ උපදේශකයන් පත් කිරීමේ වැඩසටහන යටතේ මෙරට තරුණ උපදේශකයන් ලෙස ජතුජාන් මහේන්ද්‍රන්, තරුෂි වීරසිංහ සහ මෙනුරි සචින්තිකා කොඩිකාර යන තරුණ නායකයන් UNICEF ශ්‍රී ලංකා සංවිධානය සමඟ නිල වශයෙන් එක්වීම ද මෙහිදී සිදු විය.

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත් කරගනු ලැබූ සාර්ථකත්වයන් අතර ගෝලීය වශයෙන් ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගෝලීය ප්‍රවේශය 99%ක් ළඟා කර ගැනීම, දරු උපත් 1000කට 11 බැගින් වූ අනුපාතිකයක් යටතේ එම දරුවන්ගෙන් 5 වන උපන්දිනයට පෙර මියයන දරුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ එම අගය නඩත්තු කිරීම සහ ආරක්ෂිත පානීය ජලය සඳහා 88.5%කට වඩා තිරසර ප්‍රවේශයක් ලබාදීම වැනි සාධනීය කරුණු ප්‍රධාන වන බව ස්කූග් මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා අය-වැයෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මිනුම් දඬුවලට වඩා බෙහෙවින් පහත අගයක පවතින බවත්, එම මුදල් පැහැදිලිව ම ප්‍රමාණවත් නොවන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

දරුවන්ගේ පවුල්වල පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ බලපෑමට ලක් වූ දරුවන් සඳහා සේවා සපයන සියලුම විධිමත් ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම දිරිමත් කළ යුතු බව ත්, ශාරීරිකව දඬුවම් කිරීම තහනම් කිරීමට සහ අපරාධවලට එරෙහිව කඩිනම් පියවර අනුගමනය කළ යුතු බව ත් ඔහු පැවසීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….