වතුකම්කරුවන් පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක්

dailyreporter

වතුකම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන කදුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක් සමගි ජන බල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ කිපයක නියෝජිතයන් හා ඉංදිය නව මහ කොමසාරිස් ප්‍රමුක ඉංදියාවේ ඇමතිවරුන් කිප දෙනකුගේ සහාභාගිත්වයෙන් මේ මස 24වන දින පෙරවරු 10.00ට නුවරඑළිය සිනිසිටා ශාලාවේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි වි. ආර්. රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි.

03වන දින සවස හැටන් උත්සව ශාලාවකදි මාධ්‍ය වෙත මේ බව පැවසු රාධා ක්‍රිෂ්නන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ඉංදියාවේ සිට ශ්‍රිලාංකාවට වතු කම්කරුවන් පැමින මේ වර්ෂය වන විට වසර 200ක් ගත වෙනවා අද සමහර පිරිස් සිතා ඉන්නේ මේ වතු කම්කරුවන් කියන විට වතුවල තේ දළු කඩන, වතුවල වෙනත් වැඩ කරන වතු කම්කරුවන් මෙන්ම හෝටල්වල ගෙවල්වල වැඩ කරන වතු කම්කරුවන්ගේ දරුවන් කියලායි එත් එය වැරදි මතයක්.
අද වන විට මේ වතු කම්කරුවන් ලෙස කටයුතු කරපු අයගේ දරුවන් හොදින් අධ්‍යාපනය හදාරලා වෛද්‍ය කේෂත්‍රය, ඉංජිනේරු කේෂත්‍රය, නිති කේෂත්‍රය, අධ්‍යාපන කේෂත්‍රය, ඇතුළු විවිධ කේෂත්‍රවල උසස් තනතුරු දරණ පිරිස් මෙන්ම ව්‍යාපාර කේෂත්‍රයේ ප්‍රබල පිරිස්ද සිටිනවා.
මේ සියලුම දෙනා එකට එක් කර ගෙන වතුකර ජනතාවගේ ජිවන තත්වයන් වර්ධනය කිරිමට කදුරට ජනතා පෙරමුණ ඉදිරියේදි සුවිසේස වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරනවා එහි ආරම්භය ලෙසයි මේ මස 24වන දින මෙම සැමරුම් වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ.
කදුරට ජනතා පෙරමුණ මෙම වැඩ සටහන සංවිධානය කලත් මෙය දේශපාලනයෙන් තොරව සැබැ වතුකර ජනතාවගේ සැමරුමක් ලෙස පැවැත්විමටයි අපි කටයුතු කරන්නේ.
එම තත්වයන් මත මෙම සැමරුම් උත්සවය සදහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදැස මහතා, පාර්ලිමේන්තු මංත්‍රි රහුෆ් හකිම් මහතා, රිෂාඩ් බදුර්ඩින් මහතා ඇතුළු තවත් පක්ෂ කිපයකම නියෝජිතයන්, ඉංදියානු නව ශ්‍රිලංකා මහ කොසාරිස් ඇතුළු ඉංදියාවේ ඇමතිවරු කිප දෙනකු, සිවිල් සමාජ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් මෙම සැමරුම් උත්සවය සදහා එක් වෙනවා.
මෙහිදි වතුකරයේ සංස්කෘතික අංග කිපයක්ම ඉදිරිපත් කිරිමටත් වතු කම්කරුවන් වෙනුවෙන් තම ජිවිත පුජා කල 54 දෙනකු ඇතුළු මිය ගිය කම්කරු නායකයන් සදහා උපහාර දැක්විමක් සිදු කිරිමටද අපි සැලසුම් කර තිබෙනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….