dailyreporter

වතුකම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන කදුරට ජනතා පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවයක් සමගි ජන බල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ කිපයක නියෝජිතයන් හා ඉංදිය නව මහ කොමසාරිස් ප්‍රමුක ඉංදියාවේ ඇමතිවරුන් කිප දෙනකුගේ සහාභාගිත්වයෙන් මේ මස 24වන දින පෙරවරු 10.00ට නුවරඑළිය සිනිසිටා ශාලාවේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි වි. ආර්. රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි.

03වන දින සවස හැටන් උත්සව ශාලාවකදි මාධ්‍ය වෙත මේ බව පැවසු රාධා ක්‍රිෂ්නන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ඉංදියාවේ සිට ශ්‍රිලාංකාවට වතු කම්කරුවන් පැමින මේ වර්ෂය වන විට වසර 200ක් ගත වෙනවා අද සමහර පිරිස් සිතා ඉන්නේ මේ වතු කම්කරුවන් කියන විට වතුවල තේ දළු කඩන, වතුවල වෙනත් වැඩ කරන වතු කම්කරුවන් මෙන්ම හෝටල්වල ගෙවල්වල වැඩ කරන වතු කම්කරුවන්ගේ දරුවන් කියලායි එත් එය වැරදි මතයක්.
අද වන විට මේ වතු කම්කරුවන් ලෙස කටයුතු කරපු අයගේ දරුවන් හොදින් අධ්‍යාපනය හදාරලා වෛද්‍ය කේෂත්‍රය, ඉංජිනේරු කේෂත්‍රය, නිති කේෂත්‍රය, අධ්‍යාපන කේෂත්‍රය, ඇතුළු විවිධ කේෂත්‍රවල උසස් තනතුරු දරණ පිරිස් මෙන්ම ව්‍යාපාර කේෂත්‍රයේ ප්‍රබල පිරිස්ද සිටිනවා.
මේ සියලුම දෙනා එකට එක් කර ගෙන වතුකර ජනතාවගේ ජිවන තත්වයන් වර්ධනය කිරිමට කදුරට ජනතා පෙරමුණ ඉදිරියේදි සුවිසේස වැඩ සටහනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරනවා එහි ආරම්භය ලෙසයි මේ මස 24වන දින මෙම සැමරුම් වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ.
කදුරට ජනතා පෙරමුණ මෙම වැඩ සටහන සංවිධානය කලත් මෙය දේශපාලනයෙන් තොරව සැබැ වතුකර ජනතාවගේ සැමරුමක් ලෙස පැවැත්විමටයි අපි කටයුතු කරන්නේ.
එම තත්වයන් මත මෙම සැමරුම් උත්සවය සදහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදැස මහතා, පාර්ලිමේන්තු මංත්‍රි රහුෆ් හකිම් මහතා, රිෂාඩ් බදුර්ඩින් මහතා ඇතුළු තවත් පක්ෂ කිපයකම නියෝජිතයන්, ඉංදියානු නව ශ්‍රිලංකා මහ කොසාරිස් ඇතුළු ඉංදියාවේ ඇමතිවරු කිප දෙනකු, සිවිල් සමාජ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් මෙම සැමරුම් උත්සවය සදහා එක් වෙනවා.
මෙහිදි වතුකරයේ සංස්කෘතික අංග කිපයක්ම ඉදිරිපත් කිරිමටත් වතු කම්කරුවන් වෙනුවෙන් තම ජිවිත පුජා කල 54 දෙනකු ඇතුළු මිය ගිය කම්කරු නායකයන් සදහා උපහාර දැක්විමක් සිදු කිරිමටද අපි සැලසුම් කර තිබෙනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts