චීනයේ මිලියන සංඛ්‍යාත පිරිසක් ඔවුන්ගේ ණය ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් අසාදු ලේඛනගත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඔවුන්ගෙන් බොහෝදෙනෙකු වයස අවුරුදු 18 සහ 59 අතර සිටින බවද වාර්තා වෙයි.කොවිඩ් වසංගතය සහ චීනය දැඩි නීති යටතේ රට වසා දැමීම හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුදය මධ්‍යයේ ඔවුන් එලෙස ණය ලබාගෙන ඇති බව සඳහන්ය.
එම කාලයේදී අන්තර්ජාලය හරහා ණය ලබාගැනීමට පහසුවී ඇති බැවින් බොහෝ දෙනෙකු එලෙස ණය ලබාගෙන ඇති බවද වාර්තා වෙයි.මෙම තත්ත්වය වාර්තා වන්නේ චීනයේ රැකියා වියුක්තිය ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක් තුළය.






