නීතිඥභාවය අහෝසි කළ නීතිඥයාගේ ඇප අයැදුම – විභාග කිරීමෙන් විනිසුරු මඬුල්ලම ඉවත් වෙයි

විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වී නීතිඥභාවය අත්හිටුවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත සලකා බැලීමෙන් එම පෙත්සම කැඳවූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (03) ඉවත් විය. අධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගය අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදීමේ බව ප්‍රකාශ කරන ලදි.

එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පුද්ගලයා සම්බන්ධ පෙත්සම් තුනක් කැඳවීය.

එහිදී වගඋත්තරකරු අධිකරණය අමතමින් සඳහන් කළේ තමන් විසින්ම තමන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන බවය.

තමන් තනිව ජීවත් වන පුද්ගලයකු වන බවත් බන්ධනාගාරගත කරන අවස්ථාව වන විට සමේ රෝගයකින් පෙළුණු බවත් ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරයේදී ලබාදෙන බල මාළු වැනි උෂ්ණාධික ආහාර ගැනීම නිසා තමන්ගේ සමේ රෝගී තත්ත්වය තවදුරටත් වැඩි වී ඇතැයි ඔහු සඳහන් කළේය. තමන් තවත් රෝග රැසකින් පෙළෙන බව ද ඔහු සඳහන් කළේය.

එම කරුණු සලකා බලා තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් කරන බව ඔහු අධිකරණයේදී සඳහන් කළේය.

එහිදී විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් වන අචල වෙන්ගප්පුලි සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සඳහන් කළේ මෙම පුද්ගලයා නීතිඥවරයකු ලෙස කටයුතු කරමින් සිටින අවස්ථාවේදී තමන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ ඇප අයදුම්පත සලකා බැලීමෙන් ඉවත් වන බවය.

එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති එස්. තුරෙයිරාජා මහතා ප්‍රශ්න කර සිටියේ “තමන් විනිසුරුවරුන් කීදෙනකුට එරෙහිව පැමිණිලි කර තිබේද?” යන්නය.

එහිදී වගඋත්තරකරු ප්‍රකාශ කර සිටියේ “ඒ පිළිබඳ මට නිශ්චිතව මතක නෑ.” යනුවෙනි.

“තමන් මට එරෙහිවත් පැමිණිල්ලක් කර තිබෙනවාද?” යනුවෙන් සභාපති විනිසුරුවරයා එහිදී ප්‍රශ්න කළේය.

එහිදී වගඋත්තරකරු සඳහන් කර සිටියේ විනිසුරු තුරෙයිරාජා මහතාට එරෙහිව එක පැමිණිල්ලක් කෙසෙල්වත්ත පොලිසියට කර තිබෙන බවය.

එහිදී විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා සඳහන් කළේ පෙත්සම්කරු තමන්ට එරෙහිව පෞද්ගලිකව පැමිණිල්ලක් ගොනුකර ඇති බැවින් මෙම පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බවය.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා දන්වා සිටියේ විත්තිකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය සී.ඩී.කේ. ප්‍රනාන්දු මහතා විසින් විමර්ශනයක් සිදු කරන බවට ලිඛිත දැනුම් දීමක් කර ඇති බවය.

එම විමර්ශන කටයුතු දිගටම සිදු කරගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී නියම කළේය.

වගඋත්තරකරුගේ ඇප අයදුම්පත වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ අප්‍රේල් මස පස්වැනිදා කැඳවන ලෙස නියම කෙරිණ.

ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සුපුරුදු පරිදි නඩු විභාග පවතින අතරතුර දේපොළ ආරවුලක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචන පෙත්සමක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා නීතිඥවරයකු ලෙස පෞද්ගලිකව කරුණු දැක්වීම සිදු කළේය.

එහිදී ඔහු කියා සිටියේ මෙම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන්ට එරෙහිව තමන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර ඇති බැවින් මෙම විනිසුරු මඬුල්ලට එම නඩුව විභාග කිරීමට හැකියාවක් නැති බවය.

විනිසුරු මඬුල්ල පවසන කරුණු නොතකා හරිමින් ඔහු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළේය.

එහිදී විත්තිකාර නීතිඥවරයා අධිකරණයට අපහාස වන ආකාරයෙන් සහ අධිකරණයේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කරන බවට එම විනිසුරු මඬුල්ල තීරණය කළේය. ඒ අනුව වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියම කෙරිණ.

එසේම 2024 අපහාස කිරීමේ පනතේ අංක 8(1) a යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නියම කළේය.

එසේම නඩු විභාගය අවසන් වනතෙක් විත්තිකරු බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ.

ශ්‍රේෂ්ඨාධිකරණ රෙගුලාසි 42(3) වගන්තිය යටතේ නීතිඥවරයාගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමට නියම කෙරිණ.

නෙල්කා මැදගෙදර

dinamina

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….