ගසා කෑමට ලක්ව ඇති පාරිභෝගිකයන්ට සාධාරණය ඉල්ලා සිවිල් සංවිධාන එකමුතුව විරෝධතාවකෙ

dailyreporter

පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් පසුගිය දින නිකුත් කළ වාර්තාව මගින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් පිරිසක් පාරිභෝගික ජනතාවගෙන් ගසා කා ඇති බව හෙළිවීමත් සමඟ සිවිල් සංවිධාන එකමුතුව විසින් ඊයේ (08) දින පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගතයුතු බව පවසමින් අධිකාරිය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

ඉන් අනතුරුව අමාත්‍යවරයා හමුවීමට වෙළඳ අමාත්‍යංශය වෙත ගිය සිවිල් සංවිධාන එකමුතුව එම සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් එම ස්ථානයේද විරෝධතාවය සිදුකරන ලදී. එහිදී ඔවුන් පවසා සිටියේ පාරිභෝගික අධිකාරිය පවතින්නේ පාරිභෝගිකයන් හා වෙළෙන්දන් ආරක්ෂා කිරීම සඳහා බවත් එම නිසාවෙන් එය නිසියාකාරව සිදුකරගෙන යාමේ නියෝග රට පුරා ඇති පාරිභෝගික සේවා අධිකාරී ශාඛාවලට ලබාදිය යුතු බවත්ය. එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරීයේ සභාපති තනතුර හා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර පුරප්පාඩු වී ඇති බවත් වහාම ඒ සඳහා නිලධාරීන් පත්කළ යුතු බවටත් බලකරමින් මෙම විරෝධතාවය සංවිධානය කළ බව ඔවුන් පවසා සිටියේය.

එහිදී මෙම විරෝධතාවය සඳහා සම්බන්ධ වූ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

“පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ සියලු දෙනාම ඉන්න ක්‍රම සහ විධි කියන කාරක සභාව විසින් පහුගිය දවසේ නිකුත් කළා වාර්තාවක්. මේකේ හැටියට බී ළූණු වලින්, අර්තාපල් වලින්, වියළි හාල්මැස්සන්ගෙන්, උම්බලකඩ වලින් සහ මුං ඇට වලින් රුපියල් කෝටි 20,000ක්, දළ වශයෙන් ලංකාවෙ එක්කෙනෙක්ගෙන් රුපියල් 10,000ක් ගසා කාලා තියෙනවා ජාවාරම්කාර ව්‍යාපාරිකයෝ. මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ව පාලනය කරන්න තියෙන ආයතනය තමයි පාරිභෝගික අධිකාරිය. 2023 අංක 9 කියන පාරිභෝගික අධිකාරියේ පනත. ඔය පනතේ හැටියට පාරිභෝගික අධිකාරියට තියෙන වගකීම තමයි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමත්, වෙළෙන්දා ආරක්ෂා කිරීමත්. මේ දෙක බැලන්ස් එකේ ගෙනියන එක. එතකොට මේ දෙක කරගෙන යන්න නම් රට වටේ තියෙන පාරිභෝගික අධිකාරියේ තියෙන ශාඛාවල් වලට ඒ නිසියාකාර නියෝගය දෙන්න. මේ සිවිල් සංවිධාන එදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා එතන අධ්‍යක්ෂ ජෙනරාල් පත් කෙරෙව්වා. අද අපි මෙතන්ට ආවා, රාමසාන් උත්සවය, සිංහල අවුරුදු උත්සවය ඉස්සරහා අල ගෙඩියෙන්, ළූණු ගෙඩියෙන්, මිනිස්සුන්ව ගසා කද්දී, බුදියගෙන ඉන්න පාරිභෝගික අධිකාරියකට පණිවිඩයක් දෙන්න. අපි කෙක්කෙන් හෝ කොක්කෙන් පාරිභෝගික අධිකාරිය සම්බන්ධ වගකීම තියෙන පාරිභෝගික ඇමති හම්බුවෙනවා. හම්බුවෙන්න බැරි වුණොත් මේ සටන සිංහල අවුරුද්දේදී, පාරිභෝගික අයිතීන් රැකලා දීම වෙනුවෙන් අපි අඛණ්ඩව ගෙනියනවා. මතක තියාගන්න ඇමති කෙනෙක් මේ විදිහටම බෙහෙත් වලින් වංචා කරලා ඉන්නවා හිරේ. ඒ හින්දා අපි කියනවා, පාරිභෝගික ඇමතිටත්, කෙහෙළියට තනි රකින්න ඕනේ නම් අපි යන එක නවත්තන්න. එහෙම නැත්නම් වහාම බත් පතෙනුත් ගසා කන මේ අසික්කිත ක්‍රියාව නවත්තන්න.”

සිවිල් සංවිධාන එකමුතුව

දර්ශන තන්ත්‍රිගේ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….