කල්පනී ගොඩබිමට

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී ආපදාවට පත්ව පා වෙමින් තිබියදී ඉන්දියානු වෙරළ ආරක්ෂක අංශයෙන් සොයා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයන් ද සමඟ ගොඩබිමට රැගෙනවිත් තිබේ.

පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 91ක් පමණ දුරින් වූ උතුරු මුහුදේදී එන්ජින් යන්ත්‍ර අක්‍රීයවීමෙන් ආපදාවට පත්ව ඉන්දීය මුහුදු තීරය දෙසට පාවෙමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සොයා ගැනීමෙන් අනතුරුව, මෙරට බහුදින ධීවර යාත්‍රාවක ආධාරයෙන් පෙරේදා (08) සවස් වන විට ගොඩබිමට රැගෙන විත් තිබිණි.

ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායෙන් පසුගිය මාර්තු මස 22 වැනි දින ධීවරයන් 06 දෙනකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ Kalpani නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවෙන් පසුගිය මාර්තු මස 28 වැනි දින සිට කිසිදු පණිවිඩයක් නොමැති බවත්, එම බහුදින යාත්‍රාව තිබෙන ස්ථානය සොයාගැනීමට සහාය දෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට මේ මස 01 වැනි දින දැනුම් දීමක් සිදු කර තිබිණි.

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව Kalpani නමැති බහුදින ධීවර යාත්‍රාව එහි එන්ජින් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් ඉන්දියානු සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපයේ පා වෙමින් තිබෙන බව එම බහුදින යාත්‍රාවෙන් නිකුත් කළ ආපදා සංඥාවෙන් අනාවරණය කරගැනීමට කටයුතු කර තිබේ.

ඒ අනුව කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුම්වත් කර එම මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නියුතු ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ යාත්‍රාවක් ආපාදාවට පත් ධීවර යාත්‍රාව සෙවීමට යොමු කෙරිණි. එම ඉන්දීය වෙරළාරක්‍ෂක යාත්‍රාව ආපදාවට පත් ධීවර යාත්‍රාව සොයා ගැනීමෙන් අනතුරුව එම ධීවර යාත්‍රාව Sadewmi (IMUL-A-0820MTR) නමැති ධීවර යාත්‍රාවේ ආධාරයෙන් ගොඩබිමට රැගෙන විත් තිබිණි.

එලෙස ඇදගෙන එමින් සිටියදී Kalpani යාත්‍රාවේ සිටි ධීවරයකු හදිසියේ රෝගී වී ඇති බව පසුගිය 05 වැනි දින එම යාත්‍රාව පරීක්‍ෂා කළ ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක් වෙත දැනුම්දී ඇත. එහිදී ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හෙලිකොප්ටර් යානාවකින් රෝගී වූ ධීවරයා හදිසි ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ex- Rela Hospital, Chrompet වෙත එදින ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි. මේ සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කළ අතර, මේ වන විට ගොඩබිමට ඇදගෙන එන Kalpani බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් නාවික හමුදාව අවධානයෙන් සිටී.

රක්ෂණ ශ්‍රියන්ත

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….