වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථක වීමට හේතුව

වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා මේ වන විට අසාර්ථක වෙලා තියෙන්නේ මෙම වැටුප් ප්‍රශ්නය අදවන විට වෘත්තිය සමිති දේශපාලන සුදුවක් බවට පත්විමෙන් මෙය සමස්ථ වතු කම්කරුවන්ටම ලැජ්ජාවට කරුනක් බව සමස්ථ ලංකා ප්‍රගතිසිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
අද වන විට මේ වතු කම්කරු වැටුප් වැඩි කර ගැනිම ගැන සමහර වාත්තිය සමිතිවලට මතක් වෙන්නේ මැතිවරණ කාලයක් ලංවන විට එම කාලයන් තුලදි මෙය නිතර නිතර කතා වෙනවා ඒත් මෙයට වසර කිපයක් ගතවුනත් තවමත් මෙයට විසදුමක් ලැබිලා නැහැ ඒ වගෙම මෙය දැන් හිගා කන තත්වයන්ට පත් වෙලා තියෙන්නේ.
එම නිසායි අපි යෝජනා කරන්නේ වීශේයෙන් මේ වතු කම්කරු කාන්තාවන් කඩන තේ දළු ක්‍රිලෝවකට රුපියල් සියයක් හෝ එකසිය දහයක් දෙන්න කියලා එවිට වතු කම්කරුවන්ටත් වතු සමාගම්වලටත් ප්‍රශ්නයක් නොවන ලෙස මෙය විසද ගන්න පුලුවන්.
මොකද එවිට වතු කම්කරු කාන්තාවන් කඩන දළු ප්‍රමානය වැඩි වන තරමට ඒ අයට වැඩි වැටුපක් ලැබෙනවා වගේම වතු සමාගම්වලටත් වැඩි දළු ප්‍රමානයක් ලැබිමෙන් වැඩි පුර තේ නිස්පාදනය තුලින් වැඩි අදායක් වතු සමාගම්වලට ලැබෙන අතර එයින් මේ රටේ ආර්ථිකයටත් විදේස් විනිමය වැඩි පුර ලබා ගන්න පුලුවන්.
දැන් ඉරානයද අපේන් තේ ගන්න සුදානම් එසේ නම් අප රටේ තේ නිස්පාදනය වැඩි කර ගත යුතුයි ඒ සදහා අමු තේ දළු තේ කර්මාන්ත ශාලා වෙත වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා මේ සදහා හොද විකල්පයක් තමයි කඩන තේ දළු ප්‍රමානය අනුව වතු කම්කරුවන්ට මුදල් ගෙවිම එවිට ඔවුන් වැඩි ආදායමක් ලබා ගැනිමට වැඩි පුර තේ දළු කැඩිමට පියවර ගනියි.
අද සමහර පිරිස් පවසනවා වතු කම්කරු වැටුප් ඔවුන් කියන පරිදි වැඩි නොකලොත් වතු සමාගම්වල අයට ගහාලා පන්නන බව මෙය කරන්න පුලුවන් දෙයක්ද මෙය නිකන් වතු කම්කරුවන් කෝප කරවන කතා මොකද මේ සමහර වෘත්තිය සමිති හා දේශපාලන පක්ෂවල පිරිස් කියන මෝඩ කතාවලින් අහක යන ප්‍රශ්නවලට මැදි වෙන්නේ අහිංසක කම්කරුවන්.
මෙහිදි සමහර වෘත්තිය සමිති නායකයන් හා සමහර දේශපාලකයන් බලන්නේ අහිංසක වතු කම්කරුවන් බිල්ලට දිලා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනිමටයි අද වතු සමාගම්ද ඔවුන්ට පාඩු බව පවසනවා අද සමහර වතුවල අක්කර සියයක් තිබුනොත් එයින් වැඩි කොටසක් වල් වැදිලා තියෙන්නේ.
අද ජනාධිපතිතුමන් පවා පවසනවා මේ වතු කම්කරු වැටුප වැඩි කල යුතුයි කියලා අපිත් කියන්නේ මේ වතු කම්කරු වැටුප අනිවාර්යෙන් වැඩි කල යුතු බවයි එම නිසා අවසන් වරටත් අපි කියන්නේ කඩන දළු ප්‍රමාණය අනුව මුදල් ගෙවන ක්‍රමයක් හදන්න කියලා එවිට වතුකරයේ පිරිමි පාර්ෂවයට වතු සමාගම් කියන සියයට තිස්තුනේ වැටුප් වැඩි කිරිම වුනත් ප්‍රමාණවත් බවයි අපගේ හැගිම.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….