වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා මේ වන විට අසාර්ථක වෙලා තියෙන්නේ මෙම වැටුප් ප්‍රශ්නය අදවන විට වෘත්තිය සමිති දේශපාලන සුදුවක් බවට පත්විමෙන් මෙය සමස්ථ වතු කම්කරුවන්ටම ලැජ්ජාවට කරුනක් බව සමස්ථ ලංකා ප්‍රගතිසිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
අද වන විට මේ වතු කම්කරු වැටුප් වැඩි කර ගැනිම ගැන සමහර වාත්තිය සමිතිවලට මතක් වෙන්නේ මැතිවරණ කාලයක් ලංවන විට එම කාලයන් තුලදි මෙය නිතර නිතර කතා වෙනවා ඒත් මෙයට වසර කිපයක් ගතවුනත් තවමත් මෙයට විසදුමක් ලැබිලා නැහැ ඒ වගෙම මෙය දැන් හිගා කන තත්වයන්ට පත් වෙලා තියෙන්නේ.
එම නිසායි අපි යෝජනා කරන්නේ වීශේයෙන් මේ වතු කම්කරු කාන්තාවන් කඩන තේ දළු ක්‍රිලෝවකට රුපියල් සියයක් හෝ එකසිය දහයක් දෙන්න කියලා එවිට වතු කම්කරුවන්ටත් වතු සමාගම්වලටත් ප්‍රශ්නයක් නොවන ලෙස මෙය විසද ගන්න පුලුවන්.
මොකද එවිට වතු කම්කරු කාන්තාවන් කඩන දළු ප්‍රමානය වැඩි වන තරමට ඒ අයට වැඩි වැටුපක් ලැබෙනවා වගේම වතු සමාගම්වලටත් වැඩි දළු ප්‍රමානයක් ලැබිමෙන් වැඩි පුර තේ නිස්පාදනය තුලින් වැඩි අදායක් වතු සමාගම්වලට ලැබෙන අතර එයින් මේ රටේ ආර්ථිකයටත් විදේස් විනිමය වැඩි පුර ලබා ගන්න පුලුවන්.
දැන් ඉරානයද අපේන් තේ ගන්න සුදානම් එසේ නම් අප රටේ තේ නිස්පාදනය වැඩි කර ගත යුතුයි ඒ සදහා අමු තේ දළු තේ කර්මාන්ත ශාලා වෙත වැඩි වශයෙන් අවශ්‍ය වෙනවා මේ සදහා හොද විකල්පයක් තමයි කඩන තේ දළු ප්‍රමානය අනුව වතු කම්කරුවන්ට මුදල් ගෙවිම එවිට ඔවුන් වැඩි ආදායමක් ලබා ගැනිමට වැඩි පුර තේ දළු කැඩිමට පියවර ගනියි.
අද සමහර පිරිස් පවසනවා වතු කම්කරු වැටුප් ඔවුන් කියන පරිදි වැඩි නොකලොත් වතු සමාගම්වල අයට ගහාලා පන්නන බව මෙය කරන්න පුලුවන් දෙයක්ද මෙය නිකන් වතු කම්කරුවන් කෝප කරවන කතා මොකද මේ සමහර වෘත්තිය සමිති හා දේශපාලන පක්ෂවල පිරිස් කියන මෝඩ කතාවලින් අහක යන ප්‍රශ්නවලට මැදි වෙන්නේ අහිංසක කම්කරුවන්.
මෙහිදි සමහර වෘත්තිය සමිති නායකයන් හා සමහර දේශපාලකයන් බලන්නේ අහිංසක වතු කම්කරුවන් බිල්ලට දිලා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනිමටයි අද වතු සමාගම්ද ඔවුන්ට පාඩු බව පවසනවා අද සමහර වතුවල අක්කර සියයක් තිබුනොත් එයින් වැඩි කොටසක් වල් වැදිලා තියෙන්නේ.
අද ජනාධිපතිතුමන් පවා පවසනවා මේ වතු කම්කරු වැටුප වැඩි කල යුතුයි කියලා අපිත් කියන්නේ මේ වතු කම්කරු වැටුප අනිවාර්යෙන් වැඩි කල යුතු බවයි එම නිසා අවසන් වරටත් අපි කියන්නේ කඩන දළු ප්‍රමාණය අනුව මුදල් ගෙවන ක්‍රමයක් හදන්න කියලා එවිට වතුකරයේ පිරිමි පාර්ෂවයට වතු සමාගම් කියන සියයට තිස්තුනේ වැටුප් වැඩි කිරිම වුනත් ප්‍රමාණවත් බවයි අපගේ හැගිම.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts