මම වතුකර ජනතාව අමතක කරලා නැහැ – ජනාධිපති

මම වතුකර ජනතාව අමතක කරලා නැහැ පසු ගිය කාලය තුලදි මේ වතුකර ජනතාව විශාල සේවයක් ඉටු කලා කොවිඩ් කාලයේදිත් තේ දළු කඩලා තේ නිස්පාදනට දායකත්වය ලබා දුන්නා එය අමතක කරලා නැහැ එම නිසා වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට පියවර ගන්නවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසන ලද්දේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන ලද මැයි දින රැලිය අමතමිනි.
මෙම මැයි දින රැලිය කොටගල මහජන ක්‍රිඩා පිටියේදි පැවති අතර එහිදි වැඩි දුරටත් කතා කල ජනාධිපති රනිල් වික්‍රසිංහ ලංකා කම්කරු කොංග්‍රසය මේ මැයි රැලිය පවත්වන්නේ අවුරුදු හතරකට පසුවයි.
2009 වර්ෂයේදි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි එදා මැයි රැලිය පැවැත්විමට පියවර ගත්තා එත් එතුමා අප අතරින් වෙන් වුනා එතුමා 2003දි ඉතිරි පිරිසකට පුරවැසිබාවය ලබා දිමටත් මා සමග එක්වුනා අද ජිවන් තොණ්මන් මහතා ලංකා කම්කරු කොංග්‍රසය ඉතා හොදින් ඉදිරියට ගෙන යනවා.


ඔහු මේ වතුකර ජනතාවට පමනක් නොවෙයි ජල පහසුකම් ලබා දෙමින් අනිකුත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන්ද විශාල වැඩ කොටසක් කර ගෙන යනවා අප රටේ කොවිඩ්වලින් පසුව ගොවිතැන සදහා පොහොර ප්‍රශ්නයක් ඇති වුනා එයන්ි පසු අරගලයක් ඇතිවුනා එම අරගල කාලයේදි පාර්ලීමේන්තුව අල්ලගන්න හැදුවා එය බැරිවුනා පසුව මම ජනාධිපති වුනා ඒ සදහා මට ජිවන් තොණ්ඩමන් හා රමෙස්වරන්ද ඡන්දය ලබා දුන්නා.
මේ රට මෙම තත්වයට ගෙන එන්න මේ අයගේ සහයත් ලැබුනා මේ රට ඉතා අමාරු කාලයක එය අමුතුවෙන් කියන්න ඕන නැහැ මෙම කාලය තුලදි මේ වතුකරයේ ජනතාව දුක් වින්දා හරියට දුක් වින්දා ඒ දුක දරාගෙන තේ නිස්පාදන කරලා දුන්නා එම තේ පිට රට පටවලා අපි විදේස් විනිමය ලබා ගත්තා.
මේ රට දියුණු කරන්න ඔබලාගේ දහඩිය මහන්සිය හෙලුවා එය අමතක කරන්නේ නැහැ දැන් අපේ රට යම් ස්ථාවරයකට ඇවිත් තියෙන්නේ දැන් රුපිය 290 වගේ තියෙනවා එම නිසා දුක් වින්ද ජනතාව වෙනුවෙන් රජය සහන ලබා දිමට පියවර ගෙන තිබෙනවා රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි කිරිමක් ලබා දිමට පියවර ගත්තා.
අස් වැසුම ලබා දිමට පියවර ගෙන තිබෙනවා හාල් ලබා දෙන්න පියවර ගෙන තියෙනවා දැන් සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා සංචාරකයන් එන එක වැඩි වෙලා එම නිසා ඒ පැත්තෙන් යම් ආර්ථික වර්ධනයක් ඇති වෙලා තියෙන්නේ.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 දක්වා දැන් වැඩි කරලා තියෙන්නේ වතුකර ජන.තාවගේ ප්‍රශ්න අපි අමතක කරලා නැහැ මම අගමැතිතුමාත් සමගත් සකච්චා කලා මේ වතු ලයින් කාමර තියෙන තැන් ගම්මාන බවට පත් කරන්න ඒ සදහා ජිවන් තොණ්ඩමන්ද සහය ලබා දෙනවා.
අධ්‍යාපනය නගා සිටුවිමටද පියවර ගෙන තිබෙනවා ඒ පිලිබදව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩ පිලිවෙලක් සකස් කර තියෙනවා මෙහි පවතිනවා ඒ පිලිබදවත් වැඩ පිරිවෙලක් සකස් කර තිබෙනවා මෙම වතුකරයේ වෘත්තිය පුහුණු අංශය දියුනු කිරිමටත් පියවර ගන්නවා
කම්කරු ඇමති මනුෂ නානයක්කාර මහතා වතු කම්කරුයවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමේ ගැසට් පත්‍රය නිකුත් කරලා ඉවරයි මේ සදහා ජිවන් තොණ්ඩමන් සෙන්දිල් තොණ්මන් වැනි අය උදවු කලා සමහර අය කවද්ද වැටුප් වැඩ කරන්නේ කවද්ද වැටුප් වැඩි කරන්නේ කිය කියා ඇහුවා මිස මෙයට උදවු කලේ නැහැ.
ඒ අයට අවශ වුනේ වතු කම්කරු වැටුප් වැඩි කිරිම බොරුවක් බව පවසමින් එය ඡන්ද ව්‍යාපාරයක් බවට පත් කර ගන්නයි එත් ජනාධිපති තුමන් මේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට අමතරව වැඩි වන තේ දළු ක්‍රිලෝවක් සදහා රුපියල් 80ක් දක්වා වැඩි කිරිමටත් පියවර තියෙනවා.
අදත් තලවාකැලේදි මෙයම කිය කියා ඉදියි එත් ජනාධිපතිතුමා මේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමේ ගැසට් පත්‍රය නිකුත් කරලා ඉවරයි එමෙන්ම ජනාධිපතිතුමන් මේ වතුවල ගම්මාන ඇති කිරිමටත් පියවර ගෙන තියෙනවා.
එයට අමතරව වතුකරයේ ගම්මාන ඇති කරලා මේ වතු කම්කරුවන් සදහා ඔවුන් පදිංචි තැන්වල ඉඩම් සදහා ඔප්පු ලබා දිමටත් සැලසුම් කර තියෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආන්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා අපි මේ මැයි රැලිය සංවිධානය කලේ දින තුනක් වැනි කාලයකයි අපි මෙය මාස ගනන් සංවිධානය කලේ නැහැ.
ලංකා කම්කරු කොංග්‍රසය නැතිනම් මේ වතු කම්කරුවන් හිගන තත්වයට පත් වෙලා ලංකා කම්කරු කොංගුසය තමයි මේ වතු කම්කරුවන්ට ප්‍රජා උරුමය ලබා දිලා මේ වතු කම්කරුවන්ට ඔලුව කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුලුවන් වතාවරනයක් ඇති කලේ.
අද සමහර අය කැගැහුවට ලංකා කම්කරු කොංග්‍රසය මේ වතු ජනතාවට ප්‍රජා උරුමය ලබා දිමට පියවර ගත්තේ නැති නම් අද මේ කැගහන අය කොහේද කියන්න දන්නෙත් නැහැ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….