මම වතුකර ජනතාව අමතක කරලා නැහැ පසු ගිය කාලය තුලදි මේ වතුකර ජනතාව විශාල සේවයක් ඉටු කලා කොවිඩ් කාලයේදිත් තේ දළු කඩලා තේ නිස්පාදනට දායකත්වය ලබා දුන්නා එය අමතක කරලා නැහැ එම නිසා වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට පියවර ගන්නවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසන ලද්දේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් සංවිධානය කරන ලද මැයි දින රැලිය අමතමිනි.
මෙම මැයි දින රැලිය කොටගල මහජන ක්‍රිඩා පිටියේදි පැවති අතර එහිදි වැඩි දුරටත් කතා කල ජනාධිපති රනිල් වික්‍රසිංහ ලංකා කම්කරු කොංග්‍රසය මේ මැයි රැලිය පවත්වන්නේ අවුරුදු හතරකට පසුවයි.
2009 වර්ෂයේදි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි එදා මැයි රැලිය පැවැත්විමට පියවර ගත්තා එත් එතුමා අප අතරින් වෙන් වුනා එතුමා 2003දි ඉතිරි පිරිසකට පුරවැසිබාවය ලබා දිමටත් මා සමග එක්වුනා අද ජිවන් තොණ්මන් මහතා ලංකා කම්කරු කොංග්‍රසය ඉතා හොදින් ඉදිරියට ගෙන යනවා.


ඔහු මේ වතුකර ජනතාවට පමනක් නොවෙයි ජල පහසුකම් ලබා දෙමින් අනිකුත් ප්‍රදේශවල ජනතාව වෙනුවෙන්ද විශාල වැඩ කොටසක් කර ගෙන යනවා අප රටේ කොවිඩ්වලින් පසුව ගොවිතැන සදහා පොහොර ප්‍රශ්නයක් ඇති වුනා එයන්ි පසු අරගලයක් ඇතිවුනා එම අරගල කාලයේදි පාර්ලීමේන්තුව අල්ලගන්න හැදුවා එය බැරිවුනා පසුව මම ජනාධිපති වුනා ඒ සදහා මට ජිවන් තොණ්ඩමන් හා රමෙස්වරන්ද ඡන්දය ලබා දුන්නා.
මේ රට මෙම තත්වයට ගෙන එන්න මේ අයගේ සහයත් ලැබුනා මේ රට ඉතා අමාරු කාලයක එය අමුතුවෙන් කියන්න ඕන නැහැ මෙම කාලය තුලදි මේ වතුකරයේ ජනතාව දුක් වින්දා හරියට දුක් වින්දා ඒ දුක දරාගෙන තේ නිස්පාදන කරලා දුන්නා එම තේ පිට රට පටවලා අපි විදේස් විනිමය ලබා ගත්තා.
මේ රට දියුණු කරන්න ඔබලාගේ දහඩිය මහන්සිය හෙලුවා එය අමතක කරන්නේ නැහැ දැන් අපේ රට යම් ස්ථාවරයකට ඇවිත් තියෙන්නේ දැන් රුපිය 290 වගේ තියෙනවා එම නිසා දුක් වින්ද ජනතාව වෙනුවෙන් රජය සහන ලබා දිමට පියවර ගෙන තිබෙනවා රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි කිරිමක් ලබා දිමට පියවර ගත්තා.
අස් වැසුම ලබා දිමට පියවර ගෙන තිබෙනවා හාල් ලබා දෙන්න පියවර ගෙන තියෙනවා දැන් සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා සංචාරකයන් එන එක වැඩි වෙලා එම නිසා ඒ පැත්තෙන් යම් ආර්ථික වර්ධනයක් ඇති වෙලා තියෙන්නේ.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1700 දක්වා දැන් වැඩි කරලා තියෙන්නේ වතුකර ජන.තාවගේ ප්‍රශ්න අපි අමතක කරලා නැහැ මම අගමැතිතුමාත් සමගත් සකච්චා කලා මේ වතු ලයින් කාමර තියෙන තැන් ගම්මාන බවට පත් කරන්න ඒ සදහා ජිවන් තොණ්ඩමන්ද සහය ලබා දෙනවා.
අධ්‍යාපනය නගා සිටුවිමටද පියවර ගෙන තිබෙනවා ඒ පිලිබදව සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩ පිලිවෙලක් සකස් කර තියෙනවා මෙහි පවතිනවා ඒ පිලිබදවත් වැඩ පිරිවෙලක් සකස් කර තිබෙනවා මෙම වතුකරයේ වෘත්තිය පුහුණු අංශය දියුනු කිරිමටත් පියවර ගන්නවා
කම්කරු ඇමති මනුෂ නානයක්කාර මහතා වතු කම්කරුයවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමේ ගැසට් පත්‍රය නිකුත් කරලා ඉවරයි මේ සදහා ජිවන් තොණ්ඩමන් සෙන්දිල් තොණ්මන් වැනි අය උදවු කලා සමහර අය කවද්ද වැටුප් වැඩ කරන්නේ කවද්ද වැටුප් වැඩි කරන්නේ කිය කියා ඇහුවා මිස මෙයට උදවු කලේ නැහැ.
ඒ අයට අවශ වුනේ වතු කම්කරු වැටුප් වැඩි කිරිම බොරුවක් බව පවසමින් එය ඡන්ද ව්‍යාපාරයක් බවට පත් කර ගන්නයි එත් ජනාධිපති තුමන් මේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට අමතරව වැඩි වන තේ දළු ක්‍රිලෝවක් සදහා රුපියල් 80ක් දක්වා වැඩි කිරිමටත් පියවර තියෙනවා.
අදත් තලවාකැලේදි මෙයම කිය කියා ඉදියි එත් ජනාධිපතිතුමා මේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමේ ගැසට් පත්‍රය නිකුත් කරලා ඉවරයි එමෙන්ම ජනාධිපතිතුමන් මේ වතුවල ගම්මාන ඇති කිරිමටත් පියවර ගෙන තියෙනවා.
එයට අමතරව වතුකරයේ ගම්මාන ඇති කරලා මේ වතු කම්කරුවන් සදහා ඔවුන් පදිංචි තැන්වල ඉඩම් සදහා ඔප්පු ලබා දිමටත් සැලසුම් කර තියෙනවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආන්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා අපි මේ මැයි රැලිය සංවිධානය කලේ දින තුනක් වැනි කාලයකයි අපි මෙය මාස ගනන් සංවිධානය කලේ නැහැ.
ලංකා කම්කරු කොංග්‍රසය නැතිනම් මේ වතු කම්කරුවන් හිගන තත්වයට පත් වෙලා ලංකා කම්කරු කොංගුසය තමයි මේ වතු කම්කරුවන්ට ප්‍රජා උරුමය ලබා දිලා මේ වතු කම්කරුවන්ට ඔලුව කෙලින් තියාගෙන ජිවත් වෙන්න පුලුවන් වතාවරනයක් ඇති කලේ.
අද සමහර අය කැගැහුවට ලංකා කම්කරු කොංග්‍රසය මේ වතු ජනතාවට ප්‍රජා උරුමය ලබා දිමට පියවර ගත්තේ නැති නම් අද මේ කැගහන අය කොහේද කියන්න දන්නෙත් නැහැ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts