කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන ප්‍රදේශය හෝමාගමයි – අගමැති

කොළඹ දිස්ත්‍රික්කයේ වේගයෙන්ම දියුණුවට ලක් වන හෝමාගම කොළඹ හදවත බඳු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (21) එක්වෙමිනි.

අගමැතිවරයා මෙහිදී මෙලෙසද ප්‍රකාශ කළේය:

“දේශපාලන භේදයකින් තොරව රටේ සංවර්ධනය හැම දෙනාටමයි; ජයග්‍රහණය සැම දෙනාටමයි. අලුත් පරම්පරාවට විශ්වාසවන්ත රටක් හදන්න නම් අධිෂ්ඨානයෙන් නිෂ්පාදනයට රුකුල් දෙන්න ඕනෑ. අලුත් පරම්පරාවට විශ්වාසවන්ත රටක් හදන්න නම් අධිෂ්ඨානයෙන් නිෂ්පාදනයට රුකුල් දෙන ශක්තිය දෙන ක්‍රියාවන්හි යෙදෙන්න ඕනෑ. ඒ සඳහා ලේකම් කාර්යාල නිවැරදිව වැඩ කළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ග්‍රාම නිලධාරි සේවා කොට්ඨාස තිබෙන හෝමාගම කොළඹ දිස්ත්‍රික්කයේ හදවත වගේ. කොළඹ දිස්ත්‍රික්කයේ අලුතින් දියුණු වන, වේගවත් දියුණුවකට ලක් වන ප්‍රදේශය හෝමාගමයි. කොළඹ අනෙක් පළාත්වල මහජනතාවගේ පදිංචිය සඳහා නිවාස ඉදි වෙලා. මීට වසර දහයකට පෙර වැඩි වන ජනගහනයක් සිටියේ මහරගම හා කඩුවෙලයි. දැන් ඒ තත්ත්වය මහරගම පසු කර හෝමාගම දක්වා පැමිණ තිබෙනවා. හෝමාගම මහ ජනතාව ස්වෝත්සාහයෙන් නැඟී සිටින ප්‍රදේශයක්.

“ආර්ථික අමාරුකම් මධ්‍යයේ යළි හිස ඔසවන රටක් ලෙස ස්වදේශික, විවිධ ක්ෂේත්‍රවල අලුත් දෑ නිෂ්පාදනය කිරීම අවශ්‍යයි. එවැනි උනන්දුවක් මතයි ආර්ථික වර්ධනයක් කරා යෑමට හැකියාව ලැබෙන්නෙ. ඒ සඳහා මේ ප්‍රදේශය විශාල දායකත්වයක් ලබාදෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සැලැස්මක් තිබෙන්න ඕනේ. මහ පොළොවේ වැවෙන්නේ මොනවාද, වවන්න පුළුවන් මොනවද කියන දේ ගැන සැලැස්මක් තිබෙන්න ඕනෑ. එයින් තමයි අපේ පළාත් දියුණුවකට පරිවර්තනය කරන්න හැකි වෙන්නෙ.

පහුගිය කාලේ ඉතා අමාරුකම් මධ්‍යයේත් විශ්‍රාමික දීමනා සියල්ල දුන්නා. රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරුන් සැකෙන්, බියෙන් හිටපු කාලයක් තිබුණා. අද ඒ තත්ත්වයෙන් ගොඩ ඇවිත් ආර්ථික හා මූල්‍යමය ස්ථාවරභාවයකට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් ආයෝජකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම හරහා දියුණුවකට පරිවර්තනය කර ගත්තොත්, දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන, ඒවා තුළින් දියුණුවක් ලබාගන්න කටයුතු කරමු. එවැනි අර්බුදවලට වැටුණු රටවල් පළමුව කළේ රාජ්‍ය සේවකයන් ගෙදර යැවීම. ග්‍රීසිය සේවකයන් සියයට පනහ දක්වා අඩු කළා. විශ්‍රාමිකයන්ට විශ්‍රාම දීමනාව සියයට පනහකින් කැපුවා. ග්‍රීසිය කියන්නේ ලෝකයේ නැව් අයිතිකාරයින්ගේ රට. ඒ රටවල රාජ්‍ය සේවකයින්ට සලකපු විදිහට නෙමෙයි මේ රටේ රාජ්‍ය සේවකයින්ට සැලකුවේ. පෘතුගාලය රාජ්‍ය සේවය කපාහැරියා. අන්තවාදී කොටස් විවිධ තර්ක ගෙනාවත් වෙනත් රටවල පිළිවෙත් ඒ ආකාරයෙන් අනුගමනය නොකර අර්බුදයෙන් ගොඩඒමට කටයුතු කර තිබෙනවා.

“අද අප විවෘත කරන්නේ පරිපාලනය කේන්ද්‍රස්ථානයක්. පරිපාලනයේ ඉන්න නිලධාරි මහත්වරුන්ට තනතුර නිසාම වගකීමක් තිබෙනවා. යුතුකම එන්නේ මනුෂ්‍යත්වය මතයි.ඔබ කාර්යාලයේ ගත කරන අවස්ථාවේදී උපරිමයෙන් මහජනයා වෙනුවෙන් රාජකාරිය ඉටු කරන්න කියලා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිතුමා ඇවිත් එහා පැත්තේ ආගමන විගමන කාර්යාලයක් ඇති කළා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉවර වෙන්නේ අපේ හෝමාගම ආසන්නයෙන්. විශාල ජනතාවක් උදේ හවස එනවා යනවා. ඉදිරියට තවත් එන්න පුළුවන්. ඒ එන සෙනඟ කොළඹ යවන්න ඕනේ නෑ. ඒ අදහස ඇතිවයි මේ සංකීර්ණයන් අනාගතය සඳහා ශක්තිමත් දියුණුවකට යොමු කරන්නෙ. ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ඒ වෙනුවෙන් කටයුතු කරයි සහ ඒ සදහා කර ඇති සැලසුම් ඉදිරියට ගෙනයන්න ශක්තිය දෙයි කියලා අප විශ්වාස කරනවා. අපේ පළාත් පාලන ආයතනවලටත් නවීකරණය වීමට උපදෙස් දී තිබෙනවා. ආදායම් මාර්ග සියල්ල හැකි ඉක්මනින් තොරතුරු තාක්ෂණයේ ප්‍රතිඵල අන්තර්ගත කොට ඒ මඟින් ආදායම් එකතු කරන්න. ආයෝජනය කරන්න කටයුතු කරන්න කියලා අප විශේෂයෙන් උපදෙස් දී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන්ට අමාත්‍යාංශයයෙන් ඒ සඳහා උපදෙස් දී තිබෙනවා. අවශ්‍ය ඉඩකඩ සැලසී තිබෙනවා. ඒ අවධියට පිවිසෙයි කියලා අපි විශ්වාස කරනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සියලු නිලධාරීන් මානසික හැඟීමෙන් අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එක්ව කටයුතු කරන ක්‍රියාවලියකට යොමු වීම වටිනවා. වැඩි ශක්තියකින් මේ වැඩපිළිවෙළවල් ඉදිරියට ගෙන යන්න ඔබ සැමගේ සහයෝගය කැප වීම බලාපොරොත්තු වනවා.”

මේ අවස්ථාවේදී අදහස් පළ කළ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:

“ලංකාවේ සෑම පුරවැසියන් දහතුන් දෙනකුටම එක් රාජ්‍ය සේවකයෙක් සිටිනවා. මේ රටේ ජනතාවගේ වුවමනා එපාකම් ඉටු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් විශාල වැඩ කොටසක් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. දිස්ත්‍රික් ලේකම්තුමා ඒ වාගේම මේ පළාතේ ඉන්න ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන ප්‍රාදේශීය ලේකම්තුමාට සම්බන්ධ විශාල රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඉන්නවා. ලංකාවේ රාජ්‍ය සේවය ලක්‍ෂදාසයක් පමණ වෙනවා. විදුහල්පතිතුමන්ලා, ගුරුමහත්ම මහත්මීන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ, ග්‍රාම නිලධාරීන්, කෘෂි නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් වශයෙන් ලක්ෂ දාසයක පමණ පිරිසක් රටේ ඉන්නවා. ඒ රාජ්‍ය සේවකයන් සියල්ලට මාසය අවසානයේ වැටුප් ගෙවීම තමයි ඕනෑම රජයක ප්‍රධාන වගකීමක්. නැත්නම් ඒ අයගේ දරු පවුල්වලට ජීවත් වෙන්න බැරි වෙනවා. ඊළඟට විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවිය යුතුයි. සෑම ආණ්ඩුවක්ම එදිනෙදා පවත්වාගෙන යෑම වෙනුවෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප හා ජීවත්වීමට ජීවිතයත් සමඟ අරගලයක යෙදෙන අතිමහත් දිළිඳු ජන කොටස්වලට සහනාධාර ගෙවිය යුතුයි. ඒවා කරන්න ආදායමක් නැති නිසා ගත් ණයවලට ගෙවන පොලී, පුනරාවර්තන වියදම් රජය දැරිය යුතුයි. කවුරු රටේ ජනාධිපති වුණත් ආණ්ඩු කළත් ඒ ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යාම වෙනුවෙන් දරන වියදම නැවත නැවතත් දැරීමට ප්‍රමාණවත් ආදායමක් කිසි ආණ්ඩුවක් පසුගිය කාලය තුළ ලබාගෙන නැහැ. ඒ නිසා සෑම වර්ෂයකදීම රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවලා පුනරාවර්තන වියදම් දරන්න ණය ගත් ආණ්ඩු තමයි අපේ රටේ තිබිලා තියෙන්නේ. කිසිම ආණ්ඩුවකට සිතන පතන ආකාරයට වියදම් කරන්න විදිහක් නැහැ. සෑම වියදමක්ම රටේ බදු ගෙවන ජනතාවගෙන් හා අනෙකුත් ක්‍රමවලින් අය කර ගත යුතුයි.

“මේ දිනවල අපේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතියෙන් තොරව, දිස්ත්‍රික් ලේකම්තුමාගේ අනුමැතියෙන් තොරව, මහා සංඝරත්නයේ විරෝධතා මැද හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ ඉවක් බවක් නැතිව මත්පැන් හල් බලපත්‍ නිකුත් කරගෙන යනවා. ප්‍රාදේශීය ලේකම්තුමන් කලාප නිලධාරීනුත් එකතු වෙලා ඉතා විශාල පොසොන් කලාපයක් හෝමාගම පැවැත්වූවා. පොසොන් කලාපය නිම වෙලා, කූඩු තරග පවත්තපු මඟ දෙපස තැබෑරුම් විශාල ප්‍රමාණයක් විවෘත කරන්න යන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක නතර වෙන්න ඕනෑ. මක් නිසාද යත්, මේ රටේ අනගාරික ධර්මපාලතුමාගේ මුනුපුරකු වූ මේ ප්‍රදේශය නියෝජනය කළ කැබිනට් ඇමැතිවරයකු වූ ගාමිණී ජයසූරිය මැතිතුමා ‍ප්‍රතිපත්තියක් වශයෙන් හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ තැබෑරුම් විවෘත කරන්න බලපත් දුන්නේ නැහැ. මගේ ප්‍රතිපත්තියත් එයයි. ඒ නිසා කරුණාකරලා සුරාබදු කොමසාරිස්තුමාට කියනවා මේ සියලු බලපත් ඉතා කෙටි කාලයක් තුළ ගෞරවනීය මහා සංඝරත්නයේ ඉල්ලීම මත මගේ මැතිවරණ කොට්ඨාසයවලින් වහා ඉවත් කරලා දෙන්න කියලා. මක් නිසාද යත්, මේ මැතිවරණ කොට්ඨාසය අප ගොඩනඟන්නේ දැනුම් කේන්ද්‍රීය නගරයක් ලෙසයි. මම ග්‍රාමීය සංවර්ධන ඇමැතිවරයා ලෙස මගේ ඇඟිලි දෙක එකතු කරලා කිසිම මත්පැන් බලපතකට අත්සන් කර නෑ. ජනාධිපතිතුමන්ගෙන්, අග්‍රාමාත්‍යතුමන්ගෙන් හා ආණ්ඩුවෙන් හෝමාගම සංවර්ධන කමිටුවේ සභාපති ලෙස මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා: මත්ද්‍රව්‍ය බලපත්‍ර ඉවත් කර දෙන්න කියලා. සිහිබුද්ධිය ඇති වැදගත් අහිංසක මිනිසුන් සහිත, මත්ද්‍රව්‍යයෙන් තොර සාමකාමි සහජීවනය පිරුණු මැතිවරණ කොට්ඨාසයක් බවට පත් කරන්න සෑම දෙනා එකතු වෙලා වැඩ කරන්න කියන පණිවිඩය මම දෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රීවවරුන් වන ප්‍රදීප් උඳුගොඩ, යදාමිණි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මික විජේසිංහ, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුසන්ත ගිනිගේ, රෙජිස්ට්‍රාර් ජෙනරාල් එන්.එස්. විජේසිංහ මහත්වරුන්, පළාත් සහා හා ප්‍රාදේශීය සභා හිටපු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….