හම්බන්තොට වරාය ආශ්රිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියත්, කොළඹ වරායේ ව්‍යාපෘතියත් ආරම්භය පමා වී තිබෙන බව වාර්තා වේ.
ගිවිසුම ප්‍රකාරව දේශීය වෙළඳපොළට සැපයිය හැකි තෙල් නිෂ්පාදන ප්‍රතිශතය 20% වන අතර, එය ඉහළ නංවන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිටින බව වාර්තා වේ. අපනයන මූලික මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7කි. එයට විශාල බදු සහන ද පිරිනමා තිබේ. සමාගම තවත් ඉඩම් ද ඉල්ලා සිටින බව වාර්තා වේ. මේ අතර හම්බන්තොට ජල හිඟය ගැන ද සිනොපෙක් සමාගම මැසිවිලි නගන බව ද වාර්තා වේ.
උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස චයිනා මර්චන්ට් පෝට්ස් හෝල්ඩිංස් සමාගම 70%ක් සහ ඇක්සස් ලංකා සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය 15% බැගින් ද හිමිකාරීත්වය සහිතව ඉදි කිරීමට නියමිත ලොජිස්ටික් මධ්‍යස්ථානය ද ඇණහිට ඇති බව වාර්තා වේ. ඔවුන් සමග එකඟ වී ඇති පරිදි අවුරුදු 15ක බදු සහන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි බාධාකාරී වීම එයට හේතු වී ඇත.