Job Rercuitment Exam

2019 වසරේදී කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සඳහා කැඳවන ලද අයදුම්පත්  තරග විභාග වසර හයකට පසුව මැයි 18 දින ඉරිදා පැවැත්වීමට නියමිතය.

වසර හයකට පසුව විභාගය පැවැත්වීම නිසා අයදුම් කරන විට රාජ්‍ය සේවයට ඇතුළත් විය හැකි උපරිම වයස වන අවුරුදු 35 ඉක්මවා නොසිටි විශාල පිරිසක් මේ වන විට එම වයස ඉක්මවා ඇත.

එමෙන්ම, පසුගිය වසර හය තුළ අවම සුදුසුකම් වන අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වීම හා අවම වයස වන අවුරුදු 18 සම්පූර්ණ කළ විශාල පිරිසකට මෙම බඳවාගැනීමේ අවස්ථාව අහිමි වේ.

රජයේ සේවයේ ලිපිකාර, සරප්, ගබඩා භාරකරු වැනි තනතුරු අයත් වන කළමනාකාර සේවා නිලධාරි සේවයේ අනුමත කාර්ය මණ්ඩලය 35,500කි.

ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවයට බඳවාගැනීම් පසුගිය සමයේදී අත්හිටුවා තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් කම්කරුවන් සහ උපාධිධාරීන් ලක්ෂයක් පමණ රාජ්‍ය සේවයට එකතු කරගන්නා ලදී.

කළමනාකාර සේවා නිලධාරි තනතුරු සඳහා රජය අවුරුදු 10කට වැඩි කාලයක් තිස්සේ අලුතින් බඳවාගැනීම් කර නැත.

මේ වන විට රාජ්‍ය සේවයේ ත්‍රිවිධ හමුදා සෙබළුන් හා රජයේ වතුවල කම්කරුවන් හැර ලක්ෂ 11ක පමණ සේවක පිරිසක් සිටින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෑතදී නිවේදනය කළේය.

Clerical Service Exam

More Stories