sugar-ants sugar price sugar formula sugar song sugar series sugar 1kg sugar nearby sugar level 3 main types of sugars sugar or suger sugar daddy sugar restaurant

සීනි නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ දුඹුරු සීනිය. සීනිවලට දුඹුරු පැහැය ලැබෙන්නේ සීනි නිෂ්පාදනයේදී නිපදවෙන මොලැසස් නිසාය. තව දුරටත් විකසනය කර, එම මොලැසස් ඉවත් කර සුදු සීනි නිෂ්පාදනය කෙරේ. ඒ සඳහා භාවිතා කරනු ලබන රසායනික නිසා සුදු සීනිවල සාමාන්‍යයෙන් දුඹුරු සීනිවලට වඩා පිළිකාකාරක අඩංගු විය හැකිය.

මෙම සෞඛ්‍ය හේතුව නිසාම, වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරාමත් දුඹුරු සීනිවලට ඉහළ ඉල්ලමක් තිබේ.

එහෙත්, පශ්චාත් සැකසුම් ක්‍රියාවලියකට ලක් නොකරන ලද දුඹුරු සීනි තෙත ගතියෙන් වැඩිය. ඒ නිසා ඒවා කල්තබාගැනීම දුෂ්කරය. කල්ගත වන විට සිදුවන පැසීම නිසා මද්‍යසාරමය සුවඳක් නිකුත් වෙන්නට පටන් ගනී.

එම නිසා, කර්මාන්තශාලාවලින් වැඩිපුර නිෂ්පාදනය වන්නේත්, ආනයනය අපනයනය කරනු ලබන්නේත් සුදු සීනිය.

දුඹුරු සීනිවලට තිබෙන සෞඛ්‍යමය ඉල්ලුම නිසා තොග පිටින් සුදු සීනි ලබාගන්නා කර්මාන්තකරුවන් ඩයි වර්ග යොදා සුදු සීනි දුඹුරු සීනි බවට පරිවර්තනය කිරීම සිදු වේ.

මෙම ඩයි දැමූ දුඹුරු සීනි සුදු සීනිවලටත් වඩා පිළිකා කාරක සහිතය.

වෙළඳපොළේදී ඩයි දැමූ දුඹුරු සීනි හඳුනාගන්නේ මෙසේය. ඒව තෙත ගතියෙන් යුක්ත නොවිය හැකිය. ඒකාකාරීව දුඹුරු පාට පැතිර නැති අතර ඇතැම් සීනි කැට වැඩිපුර දුඹුරු වන අතර ඇතැම් කැට සුදු පැහැයෙන් යුක්තය.

More Stories