වැට මායිම් ගලවා අනවසර වෙළදුන්ට වෙළදාම් කිරිම සදහා අවසර දුන් නගරාධිපති

today batti news

අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි නගරයේ හරිත කොටස ලෙස හදුන්වන ස්වාභ උයනේ වැට මායිම ගලවා එහි කොටසක් අනවසර වෙළදුන්ට වෙළදම් කිරිම සදහා ලබාදිමට අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ගෙන ඇති පියවරට එම සභාවේ පක්ෂ හා විපක්ෂ මන්ත්‍රී බහුතරයක දැඩි අප්‍රසාධය පලකලහ.

අනුරාධපුර නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලේම පදිකයන් ගමන් කරනා කොටස් අනවසර වෙළදුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබියදි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඊට රැකුල් දෙමින් ස්වාභා උයනේ වැටගලවා දමා අනවසර වෙළදුන් පිරිසකට වෙළදම් කිරිම සදහා එම ස්ථානය සකසා දීමට අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරින් රුවන් විජේසිංහ මහතාට උපදෙස් ලබාදි තිබුණි.

ඒ අනුව ස්වභා උයනේ ඉදිරිපස වැටහි කොටසක් ගලවා මල්පැල වෙළදාමේ පිරිසකට සිට ව්‍යාපාරික කටයුතු සිදුකර ගැනීමට මහ නගර සභාව අවසර ලබාදුන්නේය.ඊට මහ නගර සභාවේ ජනතා නියෝජිතයන් බහුතරයක දැඩි අප්‍රසාධය එල්ලවු අතර නගර වැසියන්ගේ විද්වතුන්ගේ දැඩි අප්‍රසාධය නගරාධිපතිවරයාට හා කොමසාරිස්වරයට එල්ලවිය.

මේ සම්බන්ධයෙන් අප්‍රසාධය පලකරනා අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්පී.බි දිසානායක මහතා.අනුරාධපුරයට හරි නායකයෙක් නෑ.සියළුම පාලකයන්ට අනුරාධපුරේ හිස් බිමක් පේන්න බෑ.මහ පාරේ හිස් තැනක් පේන්නබෑ.මම අගමැතිතුමාටත් ලිඛිතව දැන්වුවා අනුරාධපුර පූජා නගරය දිනෙන් දින විනාශවන නගරක් බවට පත්වෙලා කියලා.

මේ ක්‍රියාත්මක කරන්නේ දිගු කාලින සැලස්මක්.

ස්වයං රැකියා කරුවන්ට වෙළදාමට ස්ථානයක් නෑ කියලා ස්වාභ උයනේ වැටමායිම ගලවලා දෙනවා වෙළදාම් කරන්න.ඊට පස්සේ මාස පහ හයකින් යන්න කිවුවම ඔවුන් විරෝධතා පවත්වනවා අපිට මේවා අයිතියි අපි කොහි යන්නද කියලා.ඊට පස්සේ නගරාධිපතිවරයා කඩ පෙලක් හදනවා.ඊට පස්සේ ඒවා හිතවතුන්ට බෙදලා දෙනවා.

මේවා තමයි දීර්ඝ කාලින සැලසුම්.මේ පූජනීය නගර විකුනාගෙන කෑමේ ප්‍රථිපල එතුමන්ලට මේ ආත්මේ විතරක් නෙමෙයි තවත් ආත්ම ගණනකදි ගෙවන්න වෙයි යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් දුරකථනයෙන් සිදුකල විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.නෑ නෑ ඔය ස්ථානයේ වෙළදසැල් හදන්නෑ.මේ ස්වයං රැකියාවේ නිරත විසිතුරු මල් පැල විකුණන පිරිසට මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාර කොටසක තමයි වෙළදාම් කලේ.

ඔවුන්ට එම කොටසින් අයින්වෙන්න කියලා අධිකාරිය උපදෙස් ලබාදිලා තියනවා.ඒ නිසා නගරාධිපතිතුමාගේ උපදෙස්මත ස්වභා උයන ඉදිරිපිටින් වෙළදම් කරන්න පුළුවන් විදියට තාවකාලික ස්ථානයක් ඉදිකිරිමට උපදෙස් දුන්නා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….