today batti news

අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි නගරයේ හරිත කොටස ලෙස හදුන්වන ස්වාභ උයනේ වැට මායිම ගලවා එහි කොටසක් අනවසර වෙළදුන්ට වෙළදම් කිරිම සදහා ලබාදිමට අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ගෙන ඇති පියවරට එම සභාවේ පක්ෂ හා විපක්ෂ මන්ත්‍රී බහුතරයක දැඩි අප්‍රසාධය පලකලහ.

අනුරාධපුර නගරයේ ප්‍රධාන මාර්ග සියල්ලේම පදිකයන් ගමන් කරනා කොටස් අනවසර වෙළදුන්ගේ ග්‍රහණයට නතුවෙමින් තිබියදි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඊට රැකුල් දෙමින් ස්වාභා උයනේ වැටගලවා දමා අනවසර වෙළදුන් පිරිසකට වෙළදම් කිරිම සදහා එම ස්ථානය සකසා දීමට අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරින් රුවන් විජේසිංහ මහතාට උපදෙස් ලබාදි තිබුණි.

ඒ අනුව ස්වභා උයනේ ඉදිරිපස වැටහි කොටසක් ගලවා මල්පැල වෙළදාමේ පිරිසකට සිට ව්‍යාපාරික කටයුතු සිදුකර ගැනීමට මහ නගර සභාව අවසර ලබාදුන්නේය.ඊට මහ නගර සභාවේ ජනතා නියෝජිතයන් බහුතරයක දැඩි අප්‍රසාධය එල්ලවු අතර නගර වැසියන්ගේ විද්වතුන්ගේ දැඩි අප්‍රසාධය නගරාධිපතිවරයාට හා කොමසාරිස්වරයට එල්ලවිය.

මේ සම්බන්ධයෙන් අප්‍රසාධය පලකරනා අනුරාධපුර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්පී.බි දිසානායක මහතා.අනුරාධපුරයට හරි නායකයෙක් නෑ.සියළුම පාලකයන්ට අනුරාධපුරේ හිස් බිමක් පේන්න බෑ.මහ පාරේ හිස් තැනක් පේන්නබෑ.මම අගමැතිතුමාටත් ලිඛිතව දැන්වුවා අනුරාධපුර පූජා නගරය දිනෙන් දින විනාශවන නගරක් බවට පත්වෙලා කියලා.

මේ ක්‍රියාත්මක කරන්නේ දිගු කාලින සැලස්මක්.

ස්වයං රැකියා කරුවන්ට වෙළදාමට ස්ථානයක් නෑ කියලා ස්වාභ උයනේ වැටමායිම ගලවලා දෙනවා වෙළදාම් කරන්න.ඊට පස්සේ මාස පහ හයකින් යන්න කිවුවම ඔවුන් විරෝධතා පවත්වනවා අපිට මේවා අයිතියි අපි කොහි යන්නද කියලා.ඊට පස්සේ නගරාධිපතිවරයා කඩ පෙලක් හදනවා.ඊට පස්සේ ඒවා හිතවතුන්ට බෙදලා දෙනවා.

මේවා තමයි දීර්ඝ කාලින සැලසුම්.මේ පූජනීය නගර විකුනාගෙන කෑමේ ප්‍රථිපල එතුමන්ලට මේ ආත්මේ විතරක් නෙමෙයි තවත් ආත්ම ගණනකදි ගෙවන්න වෙයි යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් දුරකථනයෙන් සිදුකල විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.නෑ නෑ ඔය ස්ථානයේ වෙළදසැල් හදන්නෑ.මේ ස්වයං රැකියාවේ නිරත විසිතුරු මල් පැල විකුණන පිරිසට මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පාර කොටසක තමයි වෙළදාම් කලේ.

ඔවුන්ට එම කොටසින් අයින්වෙන්න කියලා අධිකාරිය උපදෙස් ලබාදිලා තියනවා.ඒ නිසා නගරාධිපතිතුමාගේ උපදෙස්මත ස්වභා උයන ඉදිරිපිටින් වෙළදම් කරන්න පුළුවන් විදියට තාවකාලික ස්ථානයක් ඉදිකිරිමට උපදෙස් දුන්නා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts