ආණ්ඩුවට රස සිවිල් සංවිධාන වලට වස රට සල්ලි

රාජ්‍ය නොවන සංවිධාන (NGO) කියන්නෙ සමාජ ප්‍රශ්න, පරිසර ප්‍රශ්න, මානුෂවාදී කටයුතු, සංවර්ධන කටයුතු හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම, දුප්පත්කම ගැන  ආදී  පීඩාවන් සමනය කරන්න උපකාර කරන ගෝලීය ධනවාදයේ  ක්‍රියාත්මක වන විශේෂ  සංවිධාන ක්‍රමයක්.

දියුණු රටවල් (නෝර්වේ) විශ්වාස කරනවා අපි වගේ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න නම් ඊට කණ්ඩායම් වශයෙන් සිටින සිවිල් සමාජයත් ශක්තිමත් වෙන්න ඕන කියලා. එයයි සිවිල් සමාජයට මේ මුදල් ලබා දීමේ අරමුණ.

බහුතර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක  බොහෝ විට සුළු ජන කොටස් කෙරෙහි අඩු සැලකිල්ලක්, අවධානයක් යොමු කිරීමට පෙළඹේ. මෙහිදී නිරායාසයෙන්ම ආන්තිකකරණයට (Marginalize) ලක්වන සුළු ජන කොටස් සවිබල ගැන්වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට රජයට බලපෑම් කරන කණ්ඩායම් විදිහට වැඩ කරන්න තමයි රාජ්‍ය නොවන සංවිධානවලට බටහිර රටවල් සල්ලි දෙන්නෙ.

සිය රටේ ජාතික ආදායමෙන් යම් ප්‍රතිශතයක් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව (International development cooperation) වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් සංවර්ධිත රටවල ඇත.

සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබා දෙන මේ මුදල් (ද්වීපාර්ශ්වික ආධාර) මූලික වශයෙන්ම නැත්නම් වැඩි ප්‍රමාණයක් රැස්කර ගන්නේ එම සංවර්ධිත රටවල ජනතාවගෙන් එකතු කරන බදු මුදල්වලිනි.

මෙසේ රැස් කරගන්නා මුදල් එම රටවල රජයන් විසින් සෘජුවම හෝ එරට වෙනත් සංවිධාන හරහා හෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙයි.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ රටට විරුද්ධ ව්‍යාපාර ගෙන යන රාජ්‍ය නොවන සංවිධාන වලට මුදල් එන හැටි විමර්ශනය කරන බවයි.

ඉන්දියාවේ නම් රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුදල් පිළිබඳ රජය දැනුවත් වුවත් ලංකාවේදී එය එසේ නොවන බවත්, ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන එකී මුදල් පාවිච්චි කරමින් ගම් වල ජනතාව තුළ බොරු ප්‍රචාර ගෙන යමින් රටට විරුද්ධ ව්‍යාපාර ගොඩනගන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එම නිසා ඒවාට ලැබෙන මුදල් පිළිබඳ විමර්ශනය කල යුතු බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….