රාජ්‍ය නොවන සංවිධාන (NGO) කියන්නෙ සමාජ ප්‍රශ්න, පරිසර ප්‍රශ්න, මානුෂවාදී කටයුතු, සංවර්ධන කටයුතු හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම, දුප්පත්කම ගැන  ආදී  පීඩාවන් සමනය කරන්න උපකාර කරන ගෝලීය ධනවාදයේ  ක්‍රියාත්මක වන විශේෂ  සංවිධාන ක්‍රමයක්.

දියුණු රටවල් (නෝර්වේ) විශ්වාස කරනවා අපි වගේ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න නම් ඊට කණ්ඩායම් වශයෙන් සිටින සිවිල් සමාජයත් ශක්තිමත් වෙන්න ඕන කියලා. එයයි සිවිල් සමාජයට මේ මුදල් ලබා දීමේ අරමුණ.

බහුතර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක  බොහෝ විට සුළු ජන කොටස් කෙරෙහි අඩු සැලකිල්ලක්, අවධානයක් යොමු කිරීමට පෙළඹේ. මෙහිදී නිරායාසයෙන්ම ආන්තිකකරණයට (Marginalize) ලක්වන සුළු ජන කොටස් සවිබල ගැන්වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට රජයට බලපෑම් කරන කණ්ඩායම් විදිහට වැඩ කරන්න තමයි රාජ්‍ය නොවන සංවිධානවලට බටහිර රටවල් සල්ලි දෙන්නෙ.

සිය රටේ ජාතික ආදායමෙන් යම් ප්‍රතිශතයක් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව (International development cooperation) වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් සංවර්ධිත රටවල ඇත.

සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබා දෙන මේ මුදල් (ද්වීපාර්ශ්වික ආධාර) මූලික වශයෙන්ම නැත්නම් වැඩි ප්‍රමාණයක් රැස්කර ගන්නේ එම සංවර්ධිත රටවල ජනතාවගෙන් එකතු කරන බදු මුදල්වලිනි.

මෙසේ රැස් කරගන්නා මුදල් එම රටවල රජයන් විසින් සෘජුවම හෝ එරට වෙනත් සංවිධාන හරහා හෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙයි.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ රටට විරුද්ධ ව්‍යාපාර ගෙන යන රාජ්‍ය නොවන සංවිධාන වලට මුදල් එන හැටි විමර්ශනය කරන බවයි.

ඉන්දියාවේ නම් රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන මුදල් පිළිබඳ රජය දැනුවත් වුවත් ලංකාවේදී එය එසේ නොවන බවත්, ලංකාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන එකී මුදල් පාවිච්චි කරමින් ගම් වල ජනතාව තුළ බොරු ප්‍රචාර ගෙන යමින් රටට විරුද්ධ ව්‍යාපාර ගොඩනගන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එම නිසා ඒවාට ලැබෙන මුදල් පිළිබඳ විමර්ශනය කල යුතු බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

 

Similar Posts