මැදිරිගිරියේ වකුගඩු රෝගීන් 2395ක්

මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව වාර්තාවන මෑදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ එකමුතුගම හා බිසෝබණ්ඩාරගම ග්‍රාමසේවා වසම්වලින් වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මලින් මෙත්තසූරිය මහතා පවසයි.

වෛද්‍ය මාලින් මෙත්තසූරිය මහතා  මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානී  වෛද්‍ය මලින් මෙත්තසූරිය මහතා පෙන්වා දෙන්නේ මැදිරිගිරියේ සමස්ත වකුගඩු රෝගීන් සංඛ්‍යාව 2395ක් වන බවයි.

“පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට හේතුවක් අවිනිශ්චිත නමුත් වකුඩගු රෝගීන් හදුනා ගැනීමේ පරික්ෂණවලින් හදුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව 8439ක් වෙනවා.

එයින් වැඩිම පිරිස මැදිරිගිරියෙන් වාර්තා වෙන්නේ.එහිත් එකමුතුගම,බිසෝබණ්ඩාර යන ග්‍රාම නිලධාරි බලප්‍රදේශවල වකුගඩු රෝගීන් 117 බැගින් හදුනාගෙන තියෙනවා.මේ ගම්මානවල බාගෙකට බාගයක් වකුගඩු රෝගීන්.

ඊළගට දම්සෝපුර,මීගස්වැව,අලුත්වැව කියන ග්‍රාම නිලධාරි වසම්වලත් පිළිවෙලින් 109ක් හා 105ක් බැගින් ඉන්නවා.ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වශයෙන් ගත්තාම දිඹුලාගල 1628ක් ඉන්නවා.එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 2ක් තියෙනවා සිරිපුර හා අරලගංවිල කියලා.

ඇලහැර 1179ක් ,හිගුරක්ගොඩ 945ක් ලංකාපුර 564ක්තමන්කඩුව 1224ක් හා වැලිකන්ද 509ක් ලෙස වකුගඩු රෝගීන් ව්‍යාප්ත වෙලා ඉන්නවා.

දිනපතා හෝ දින දෙකකට තුනකට වතාවක් රුධිරය මාරු කරගන්නා රෝගීන් 281ක් ඉන්නවා.එයින් වැඩිම පිරිස මැදිරිගිරියෙන් 85ක් දෙනා.

ඊළගට අරලගංවිලින් 63ක් සිරිපුරින් 05ක් එක්ක 68ක් ඉන්නවාවැලිකන්දෙ 17ක් තමන්කඩුව 39ක් හා ඇළහැර හා ලංකාපුරින් 19 බැගින් ඉන්නවා.

මේ රෝගීන් වැඩි වීම පසුගිය අප්‍රේල් මාසය දක්වා.රෝගීන් ප්‍රතිකාර සදහා යොමු වීම දැන් ටිකක් හොදයි.නමුත් ජනතාවගේ මූලික හා සෞඛ්‍ය පහසුකම් නංවන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි.අවුරුදු 20 ට වැඩි පිරිස් මේ සියලු දෙනා.රටේ ශ්‍රම සම්පතෙන් කොටසක් මේ විදිහට ලෙඩ්ඩු වෙලා තියෙන්නේ.” වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories