රාජිත ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය නියෝග කළාය.

ඉරානය, චීනය සහ රුසියාව ඉන්දීය සාගරයේදී සහ ඕමාන බොක්කේදී සිවුදින නාවික යුද අභ්‍යාස ආරම්භ කළේය. මෙම යුද අභ්‍යාසයේ අරමුණ සාමය, මිත්‍රත්වය සහ සහයෝගීත්වය හා එකමුතුව තුළින් දිගුකල් පවත්නා ආරක්ෂාව තහවුරු කිරීම යැයි ඉරාන නාවික හමුදාවේ රියාර් අද්මිරාල් ගෝලමේරසා තහානි පැවැසීය.

මරාදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය පානදුර දුම්රිය ස්ථානය පසුකරනවාත් සමඟ එහි එන්ජිම දුම්රිය මැදිරි වලින් වෙන් වී ධාවනය වූ බව දුම්රිය මගීහු පැවසූහ. පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය අසන්න වෙනවාත් සමඟ දුම්රිය එන්ජිම මැදිරි වලින් වෙන්වී ඉදිරියට ධාවනය වූ බව මගීහු පැවසූහ.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසන් . නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයට ඔහු පෙනී සිටි අතර ඉංග්‍රීසි සඳහා A සාමාර්ථයක් ලබා ඇති අතර ක්‍රිස්තියානි ධර්මය අසමත්වී තිබෙනවා. දේශපාලන විද්‍යාව හා සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබාගෙන ඇති මන්ත්‍රීවරයා ක්‍රිස්තියානි ධර්මය විෂය අසමත්ව ඇතැයි සඳහන්. ඔහු ඉංග්‍රීසි භාෂාව…

එක්සත් ජාතික පක්‍ෂයේ උප නායකවරයෙකු, පක්‍ෂයේ මහ ලේකම්වරයෙකු, හිටපු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ 18 ගුණ සැමරුම 2020 ජනවාරි මස 01ට යෙදී තිබේ. එතුමාට පිං අනුමෝදන් කිරීම සදහා පවත්වනු ලබන විශේෂ ධර්මානුශාසනාව කහවත්ත පනාවැන්න එතුමාගේ නිවසේදී කෝට්ටේ පාර්ශ්වයේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක අමුතාගොඩ ඉන්දරතන ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර පසු දින…

ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානය අපේක්‍ෂා කරයි. මෙය ශී‍්‍ර ලංකා ටුවින්ස් (Sri Lanka Twins) ලෙස නම් කර ඇත. සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගනයේ දී 2020 ජනවාරි මාසයේ පැවැත්වෙන ශී‍්‍ර ලංකා නිවුන් සම්මේලනයේ දී මෙම වාර්තාව පිහිටුවීමට නියමිතය. ශී‍්‍ර ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන…

නව දුම්රිය බලවේග කට්ටල 8ක් ලබන ජනවාරි මාසයේ සිට ධාවනයට එක්කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී. බී. රත්නායක මහතා පැවසීය. චීනයෙන් ආනයනය කරන මෙම බලවේග කට්ටල 8න් හතරක් මේ මාසයේ ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.

පන්දු යවන්නන්ගේ සහ පිතිකරුවන්ගේ අඩු පාඩු හේතුවෙන් පාකිස්තානය සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වු බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. තරග දෙකකින් සමන්විත පාකිස්තාන ටෙස්ට් තරගාවලිය නිම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් දිවයිනට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

අමෙරිකාව සහ චීනය අතර අත්සන් තැබීමට නියමිත නව වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇත. අමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා මෙම ගිවිසුම වැදගත් වන බවයි. මෙම ගිවිසුම ලෝකයට තවත් ගැටලු කිහිපයක් අලුතින් නිර්මාණය කිරීමට හේතුවිය හැකි බව ලෝක ආර්ථික විචාරකයින් මත පළකරයි.

අනෙකුත් වසර වලට සාපේක්ෂව මෙවර ඩෙංගු රෝගීන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසර අවසානය වන විට වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව ත් එය පසුගිය වසරට සාපේක්ෂව 50% කින් ඉහළ යෑමක් බවයි පැවසෙන්නේ.