
ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට
SSC ක්‍රීඩා සමාජය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු තරග තහනම ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම වෙනුවෙන් හෙට (23) සිට පිටියට පිවිසීමට නියමිතයි.

ජනපති හා උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් පැවැත්විය.. ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීම, නැවත පදිංචි කිරීම් කටයුතු හා සංහිඳියාවට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ…

අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා
ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන…

ශ්‍රිපාද වන්දනා සමය තුලදි පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම්
මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදි ශ්‍රිපාද ප්‍රජා භුමිය වෙත පොලිතින් හා ප්ලාස්ටිකි රැගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඵළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් සටහන් කරනුයේ 2023/ 07/ 19 යන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ශ්‍රිපාද භුමිය…

ටිකිරි මැණිකේ නිසා උඩරට දුම්රිය ධාවනයට බාධා
නානුඔය සිට මහනුවර හරහා කොළඹ දක්වා ධාවනය වන ටිකිරි මැණිකේ මගී ප්‍රවාහන දුම්රිය අද දින (21) හැටන් හා කොටගල අතර පීලි පැනිමකට ලක්විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රි ස්ථානයේ නිලධාරියකු පවස ලද්දේ නානුඔය සිට මහනුවර හරහා කොළඹ බලා ධාවනය විමට නියමිතව තිබු ටිකිරි…

අධිකරණයෙන් ෆේස්බුක් ආයතනයට නියෝගයක්
අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ විසින් එම නියෝගය කළේය. අන්තර්ජාලය භාවිත කර ‘පුස්…

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!
පසුගිය නොවැම්බර් 30 වැනිදා බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්‍රවෘත්ති වාර්තාකරණයක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී කැමරා ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුදා හැරියේය. එහිදී බිංගිරිය පොලීසිය විසින් කැමරා උපකරණ රඳවා තබාගැනීම හේතුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතාගේ වෘත්තීය කටයුතු කරගෙන යාමට නොහැකි…

යාපනයේ අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වේ. යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසයි. පසුගිය 19 වෙනි දා පමණක් යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 111ක් වාර්තා වී තිබුණි. මේ මාසයේ මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති…

නිල් චිත්‍රපට බලන සියලු අයගේ දත්ත පොලිසියට
සයිබර් අපයෝජන වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර දත්ත පද්ධතියකට සම්බන්ධ වූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කළාය. ඒ අනුව කිසියම් පුද්ගලයෙක් අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීම, අන්තර්ජාලයේ ගබඩා කර තැබීම, ළඟ තබා ගැනීම මෙන්ම නැරඹීම හෝ සිදු කළහොත් මෙම දත්ත පද්ධතිය හරහා ඔහුව…