
අමන්ගල්ල හෝටලය ලෝකයේ හොඳම හෝටල් අතරට
මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත. අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි. ලොව හොඳම හෝටල් 50 ඇකඩමිය විසින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කර ඇත.ලෝකය පුරා සිටින හෝටල් හිමිකරුවන් සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ වාර්තා කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් 580 දෙනෙකු…

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්
ලබන 23 වන සෙනසුරාදා පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ් අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන…

අන්තර්ජාලය හරහා සිදුකරන ක්‍රියාකාරකම් රැසක් වැරදි වශයෙන් පනත් කෙටුම්පතකින් ගැසට් කරයි
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව, මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණූම් භාවිත කිරීම වැළැක්වීම ඇතුළු කාරණා කිහිපයක් එහි සඳහන් ය. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන…

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක්
දුම්රිය එන්ජින් 10ක් මෙරටට ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ. දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළේ, ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙන බවයි. ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිතව ඇත. එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය.

රේගුවේ සමහර සේවකයෝ පැය 24ම ඕටී අරගෙන
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2277 දෙනෙකු සඳහා වැටුප් අතිකාල දීමනා දිරිදීමනා ලෙස රුපියල් කෝටි 320 කට වැඩි මුදලක් පසුගිය වර්ෂයේදි ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. කෙසේ වෙතත් එම වියදම තහවුරු කිරීමේ සාක්ෂිය වන සේවයට වාර්තා කළ බව සනාථ කෙරෙන ඇඟිලි සලකුණු වාර්තා විගණනයට ඉදිරිපත් කර නොතිබුණේ යැයි ජාතික විගණන කාර්යාලය…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු 08කට ICCයෙන් චෝදනා
ක්‍රීඩාවේ දූෂණ විරෝධී සංග්‍රහය කිහිප වතාවක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ICC විසින් පුද්ගලයින් අට දෙනෙකුට චෝදනා කර තිබේ. චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් අතර හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ද ඒ අතර සිටින බවයි වාර්තා වෙයි. එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය ( ECB) වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අබුඩාබි T10 ලීගයේ දූෂණ විරෝධී සංග්‍රහය…

වගා නොකරන ඉඩම් වලට බද්දක්
මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය….

සමෘද්ධිලාභීන්ට දුන් බිලියන 1.2ක් වතුරේ
රජය විසින් ඉකුත් වසර හතර තුළ (2019-2022) සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා විවිධ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1260ක් වැය කර ඇතත් 95 වර්ෂයේදී හඳුනාගත් සමෘද්ධිලාභීන් 312,307 දෙනෙකු 2023 වර්ෂය වන විට ද සවිබල ගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් සිටින බව ද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. මෙම සමෘද්ධිලාභීන්…