දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි
|

දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි

රටේ දේශපාලනයට එන සියලුම දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. එය ආරම්භ කිරීම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමේ දී සිදු කරන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. දේශීය ආදායම්…

Gmail ගිණුම් කිහිපයක පාලනය හැකර්වරුන් යටතට

Gmail ගිණුම් කිහිපයක පාලනය හැකර්වරුන් යටතට

Gmail ගිණුම් සඳහා සත්‍යාපන සලකුණ (Blue Checkmark) ලබාදීමට ගූගල් ආයතනය කටයුතු කර තිබුණි. නමුත් එසේ සත්‍යාපන සලකුණ ලබාදුන් ගිණුම් හැකර්වරුන්ගේ පාලනයට හසුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හැකර්වරුන් විසින් මුදල් වංචා කිරීම් සහ මුරපද සොරකම් කිරීමට මෙම ගිණුම් භාවිතා කර තිබේ.

vat

බදු ක්‍රමවේදය ගැන රජයෙන් ගත් තීරණය

දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය…

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව   ශ්‍රී දළදා මාලිගාවට

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව  ශ්‍රී දළදා මාලිගාවට

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව  අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේය. මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසයි. එය ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විත වේ. මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව…

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා අවශ්‍ය කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවී ඇති බව ආපදා…

චීන තරුණයින් රැකියා අර්බුදයක

චීන තරුණයින් රැකියා අර්බුදයක

චීනයේ තරුණ ප්‍රජාව අතර විරැකියා අනුපාතය සීග්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවලට අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී චීනයේ විරැකියා අනුපාතය සියයට 20.4 කි. චීනය එම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරනු ලැබුවේ සිසුන් මිලියන 11.6ක් විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලින් උපාධිය ලබා ශ්‍රම බලකායට ඇතුළුවීමට සූදානම්ව සිටින පසුබිමක් තුළය.

pohora

යූරියා පොහොර වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී

නියමිත උපරිම සිල්ලර මිලට වඩා යූරියා පොහොර අලෙවි කරන වෙළෙඳුන් සහ බෙදාහරින්නන් පිළිබඳව සක්‍රීයව විමර්ශනය කර සොයා ගන්නා ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අමාත්‍යාංශ සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇත.

කාලිද් අල් අමේරි ලංකාවට එයි
|

කාලිද් අල් අමේරි ලංකාවට එයි

කාලිද් අල් අමේරි යූ ටියුබ් ග්‍රාහකයන් තුළ බෙහෙවින් ජනප්‍රියව සිටින පුද්ගලයෙකි. ඉහළම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔහු දිවයිනට පැමිණි අතර ඔහුට ෆේස්බුක් ග්‍රාහකයින් මිලියන 8 ක් සිටින බවයි වාර්තා වේ. කාලිද් අල් අමේරි සංචාරය කරන රටවලදී එම රට සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි. අසරණ ජනතාවට හා දරුවන්ට කාලිද් අල් අමේරි බෙහෙවින්…

child

කුඩා ළමුන් අතර සමේ රෝග ව්‍යාප්තියක්

උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඒ පිළිබඳව දෙමව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය. වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා…

ග්‍රාමසේවා වසම් 18කට ඇති රෝහලක් විනාශයට
|

ග්‍රාමසේවා වසම් 18කට ඇති රෝහලක් විනාශයට

ගම්පොළ, පන්විලතැන්න ප්‍රාදේශීය රෝහලේ ඖෂධ සංයෝජකවරයකු නොමැති කමින් පැමිණෙන රෝගීන් ට ඖෂධ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම හා රෝහලට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා රෝහල වෙත පැමිණි රෝගීහු රෝහල ඉදිරිපිටදී විරෝධතාවක නිරත වූහ. වසර 75 කට වඩා පැරණි මෙම රෝහල ආරම්භ කිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සහ ශිවා ඔබේසේකර සෞඛ්‍ය අමාත්‍යවරිය අතින්…