advanced level

පාසල් නිවාඩුව අද සිට ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අද (26) දිනයෙන් අවසන් වෙයි. ඒ, අනුව පළමු පාසල් වාරයේ 03 වන අදියර ජුනි මස 12 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙම නිවාඩුව ලබාදෙන අතර, සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා ආරම්භ වී ජුනි…

langama

ලංගම රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බව අනාවරණ වී තිබේ. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වන විට සේවය කරනු ලබන සමස්ථ සේවක සංඛ්‍යාව 26,561 ක්. ඒ අනුව රියදුරු හා කොන්දොස්තර හිඟය පියවා ගැනීම සඳහා…

රුසියාවේ යුද නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
|

රුසියාවේ යුද නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්

රුසියානු යුද නෞකාවක් වන “අයිවන් හර්ස්” බොස්ෆරස් සමුද්‍ර සන්ධියට ළඟා වෙමින් සිටියදී කළු මුහුදේදී යුක්‍රේන කාර්ය මණ්ඩලයක් නොමැති ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. එම යුධ නෞකාව රුසියාවේ සිට තුර්කිය වෙත ගෑස් රැගෙන යන ටර්ක්ස්ට්‍රීම් සහ බ්ලූ ස්ට්‍රීම් ගෑස් නල මාර්ග ආරක්ෂා කරමින් සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. ප්‍රහාරයට…

පොසොන් දන්සල් පැවැත්වීමට අවසර ලබාදීම ගැන දැනුම්දීමක්

පොසොන් දන්සල් පැවැත්වීමට අවසර ලබාදීම ගැන දැනුම්දීමක්

පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැන්විය යුතු බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. මේ ආකාරයට තොරතුරු ලබා දෙන සෑම ප්‍රද්ගලයෙකුමට සෞඛ්‍ය ආරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යන ආකරය පිළිබඳව උපදෙස් ලබා දිමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය…

මත්පැන් අළෙවියෙන් බිලියන ගණනක් පාඩුයි

මත්පැන් අළෙවියෙන් බිලියන ගණනක් පාඩුයි

මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300කට වඩා අධිකවූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු පැවසීය. සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර…

යුපුන් අවසන් මහා තරගයට
|

යුපුන් අවසන් මහා තරගයට

ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. 12° MEETING INTERNAZIONALE “CITTÀ DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10.04කි.

corona-death

සෑම විනාඩි හතරකටම කොවිඩ් මරණයක්

කොවිඩ් රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළත් තවමත් සෑම විනාඩි හතරකට සැරයක් කොවිඩ් රෝගය හේතුවෙන් අවම වශයෙන් එක් පුද්ගලයකු හෝ මියයන බව නිල වාර්තා පෙන්වා දී ඇත. වෛරසය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේදැයි යන ප්‍රශ්නයට තවමත් පිළිතුරක් නොමැති අතර අවදානමට ලක්විය හැකි පුද්ගලයන් සහ එන්නත්කරණය අවම රටවල් තවමත් කොවිඩ් රෝගය…

ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ

ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ

වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්, ජීවන වියදම ඉහළ යෑමත් හේතුවෙන් අන්ත දුක්ඛිත තත්ත්වයට පත්ව සිටිති. මේ ඒ පිළිබඳව කළ සොයාබැලීමකි. ‘නිදහස් වෙළෙඳ කලාපය’ එහි නමයි….