oil

ඉදිරියේදි දැනෙන ඉන්ධන සහනයක්

අප්‍රේල් මාසයේ එළඹෙන උත්සව සමයේ දී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විදුලි බිල සඳහාද සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් සම්පත් පනත යටතේ වූ නියෝග පිළිබඳ…

නීති විභාගයේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

නීති විභාගයේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රීති සම්බන්ධ යෝජනාව අනුමත කිරීම බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. යෝජනාව සම්මත කිරීමට විපක්ෂව ඡන්ද 113ක් හිමි වූ අතර පක්ෂව හිමි වූයේ එක් ඡන්දයක් පමණි. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීම පිළිබඳව නීති අධ්‍යපන සභා ආඥාපනතේ 7 වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයාගේ එකඟතාවයෙන් සංස්ථාගත…

සමාගම් දෙකක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය
|

සමාගම් දෙකක රජය සතු කොටස් විකිණීමට අනුමැතිය

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම්දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී පවසන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් විකිණීම ඉදිරියේදී…

imf lanka c news sinhala

IMF ණය අනුමතයි

IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු…

මාර්තු 30වනදා සිට පාසල්වල වෙනසක්

මාර්තු 30වනදා සිට පාසල්වල වෙනසක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරන්නේ, මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බවයි. ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදුකරන බවත් ලබන මාසයේදී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් එතුමා සදහන් කරයි….

රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා
|

රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා

රනිල්ගෙ කට්ටිය උන්ගෙ බිග්මැච් අභිචාරය රටේ කටේ උලන්න හදනවා. ඒ ගමන් මුදලිගේ ෂැංග්‍රිලා ගියා කියලා වැළලෙනවා. මුදලිගේගෙ කට්ටිය හනී අපි තාම දුප්පත්, කල්ලල්ලෑ බොල්ලල්ලෑ කියන්න තටමනවා. හැබැයි මේ වැළලෙන්න හදන හැමෝම තමන්ගෙ ගේ ගැන, වාහනේ ගැන, රට ඉන්න ළමයි ගැන පම්පෝරි ගහන මධ්‍යම පංතිකයෝ. දැන් මුදලිගේලට ෂැංග්‍රිලා යන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ වෙනකොට…

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්
|

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් තම හමුදාවට දැනුම් දී තිබේ. ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ මිසයිල අත්හදාබැලීම් තවදුරටත් අඛන්ඩව සිදු කරන බවයි. ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදුකරන…

නීතිඥ සාලිය පීරිස් අධිකරණය හා විධායකය ගැන කතා කරයි

නීතිඥ සාලිය පීරිස් අධිකරණය හා විධායකය ගැන කතා කරයි

අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට විධායකයේ උත්සාහයන් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති සාලිය පීරිස් මහතා පවසා සිටී. රටේ විධායකය එලෙස හැසිරෙන්නේ නම් මහජනතාව නීතියට අවනත වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත් මෙය විධායකය විසින් ලබාදෙන ඉතා නරක ආදර්ශයක් බවත් වෘත්තිකයන් ලෙස මීට එරෙහිව නැගී සිටීම ඔවුන්ගේ යුතුකමක් බවත් පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන්…