හෙට (20) වැඩට යන්න එපා
පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට (20) දින සේවයට පැමිණිමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දෙයි.

පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට (20) දින සේවයට පැමිණිමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දෙයි.

රජයේ පාසලල්වල මෙම වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙට (20) අවසන් වන බවත් පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 6 වැනිදා ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම් හලේ පිරවුම් යන්ත්‍රය අනුව ලීටරයක් රුපියල් 121.19 මුදලකට නිකුත් කරයි. මේ වන විට රට පුරා බෙදුම්හල්වල කිසිදු ඉන්ධන වර්ගයක් මෙම මිලට අලෙවි නොකරයි. කෙසේ වෙතත් බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ට සහන මිලට ඉන්ධන ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍ය බවයි.

ඉන්ධන තොග නොමැති විම හමුවේ හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් (18) දින අලුයම සිට වසා දැමිමට එම ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබුණි. ඊයේ (18) දිනයේද ඉන්ධන ලබා ගැනිමේ අපේක්ෂාවෙන් වාහන හිමියන් විශාල පිරිසක් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් වල රැඳී සිටිය අයුරු අප කැමරාවේ සටහන් විය.

තිරිඟු පිටි මිල රුපියල් 35කින් තිරිඟු පිටි මිල ඉහළ දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. ඉදිරියේදී ආහාර පෝලිමක් ද ඇති විය හැකි බව කියූ එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බව ය.

මෙම යෝජනා ඉදිරිපත් කරන අපි ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හා ආර්ථික ස්ථාවර භාවයත් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කැපවුනු සිවිල් සමාජ සංවිධාන හා සිවිල් සමාජ ක්‍රියාධරයන් වෙමු. විසදුමකින් තොරව ඇදී ගිය දේශපාලන හා ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම හෝ අන්තර්වාර පාලනයක් බිහි කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ අතර එකගතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීම නියෝජිත…

රට තුළ ගෙවීමට ඇති ණය මුදල කොපමණ වුවත් මේ මොහොතේ රට තුළ ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ‘බිලියන 1 ක් වුණත් බිලියන 10 ක් වුණත් ගෙවන්න එක මිලියනයක් වත් නැහැ.ඒකයි මුහුණ දෙන්න තියෙන තත්ත්වය එන සතියේ සම්පූර්ණ වාර්තාවක්ම සකස් කිරීමට නියමිතයි.’ ඉදිරි දින කිහිපය තුළදී ද පෙට්‍රල් ඉල්ලුම සපුරාලිය නොහැකි…

ඊයේ දිනයේ ගෑස් තොග ගොඩබෑමට නොහැකි වූ බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය මත ගෑස් ගොඩ බෑමට හැකියාවක් නොලැබුණු බව නිසා අද දින බෙදාහැරීම් ප්‍රමාදයක් සිදු වනු ඇතැයිද එහි සභාපතිවරයා සඳහන් කරයි.

ඉදිරි දින දෙක තුළදී ද පෙට්‍රල් ඉල්ලුම සපුරාලිය නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම් වල රැඳී නොසිටින ලෙස ද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් ඉන්ධන පිරුම් හලෙන් ඉන්න ලබාදෙන ලෙස කතානායකවරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති…

ඉන්ධන පිරවුම්හල් වලින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. අත්‍යවශ්‍ය සේ්වා කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ සෑම දිස්ත්‍රික්කයකින්ම ඉන්ධන පිරවුම්හල් කිහිපයක් දිසාපතිවරයා භාරයට පත්කර ඇති බවයි.