මත්පෙති ප්‍රවාහනය කර වැඩ වරදී
ස්නායූ වේදනා සමනය සදහා වෛද්‍ය නිර්දේශමත පමණක් ලබාදෙන ඖෂධ පෙති (මත්පෙති) 2050ක් තෑගී පාර්සලයක් ලෙස ප්‍රවාහනය කළ පෞද්ගලික මගී බස් රථයක රියදුරා හා කොන්දොස්තරවරයා නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (11දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ සිට බස් රථයකින් ප්‍රවාහනය කරනා බවට නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස් කුමාරසේන මහතාට…









