Author: daily reporter

  • රට තුල ව්‍යාප්ත වන්නේ බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය බවට සැකයක්

    දිවයින පුරා විවිධ ප්‍රදේශවල මේ වනවිට කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳව නව පරීක්ෂණ ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා ආයතනය කටයුතුකර ඇත. බ්‍රිතාන්‍යයේ පැතිරී පවතින බී 117 විකෘති වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරී ඇත්දැයි සැකයක් මතුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තවේද හා…

  • IDH රෝහලේ ධාරිතාව ඉක්මවයි

    IDH රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේ වන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි. එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි. එමෙන්ම  දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ.  

  • පානදුරේත් කොරෝනා පොකුරක් මතුවෙයි

    පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් – 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. අලුත් අවුරුද්දට ගමේ ගොස් පැමිණි සේවක සේවිකාවන් වෙනුවෙන් සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි පැවසේ. කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගෙන…

  • |

    ඉන්දියාවට කොරෝනා සුනාමියක්

    කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ…

  • කුලියාපිටියේ පැත්තක් වසයි

    කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය. කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ වීරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප‍්‍රදේශ අදාළ සංචරණ සීමාවන්ට යටත් කරන ගම්මාන අතරට අයත් බවද වෛද්‍යවරයා පවසයි. ඉකුත් අවුරුදු සමයේ ජනතාවගේ හැසිරීම් හේතුවෙන් මෙසේ…

  • ගම්පහට කොරෝනා අවදානම වැඩි වෙයි

    ගම්පහ දිස්ත්‍රික්කය තුළ ප්‍රදේශ කිහිපයක මේ වනවිට යළි කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. අවුරුදු උත්සව පවත්වා ඇති රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 9 දෙනකු සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 19 දෙනකු හමුව ඇති බවත් දිවුලපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවකට එක්වූ 44 දෙනකුද මහර කොට්ඨාසයේ කර්මාන්තශාලාවකින්…

  • යාපනයේ ගැටුමක්

    යාපනය පේදුරුතුඩුව අල්වායි උතුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයකු මිය ගොස් තවත් පස් දෙදෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. බහින්බස්වීම දුරදීග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර පසුව දෙපිරිසම තියුණු ආයුධවලින් පහරදීගෙන ඇති බවත් එහිදී පිහි ඇනුමකින් බරපතල තත්ත්වයේ සිටි අයකු රෝහල්ගත කිරීමේ පසුව මිය ගොස් ඇත.

  • ඇමෙරිකානු පොලිසිය කළු ජාතික තරුණියක් ඝාතනය කරයි

    ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පිලිබදව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් ගත වන්නට පෙර තවත් කලු ජාතික තරුණියක් අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 16 හැවිරිදි මෙම කලු ජාතික තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කරගෙන සිටිනා අතරතුර අදාල පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා…

  • රත්තරං බැරල් සොයා වැඩ වරදී

    ත්‍රීකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි කෝවිලක් පිටුපස එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් වලදැමු බවට සැකකරනා රත්තරං බැරල් හයක් සොයමින් සිටියදි අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටින උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෙකු නිරෝධායනය වන බව ලිඛිතව දන්වමින් ආයතනය නොමග යැවීමට තැත්කිරීම සම්බන්ධයෙන් එම ආයතනය විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ. උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රියදුරෙකු වශයෙන්…

  • ‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම

    ‘අපේ අහ කොහේද ලිලී මල් ‘ අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා ‘කවි කියන්නේ අකුරු පේළි නෙවෙයි. කවි කියන්නේ කොළ උඩ වචන වීදුරුවක් ඉහිරිලා නිදහසේ ගලාගෙන ගියාම ඇඳෙන සිත්තම්වලට’. ෆේස්බුක් නම් නව මාධ්‍ය…