ෂලිත එරන්ද ඩාන්ස් ඇකඩමිය ඉදිරිපත් කරන අග්නි අප්‍රේල් 29 දා හවස 4ට මරදාන ටවර් හිඳී
ලංකාවේ නර්තන ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වගේ දෙයක් වෙන්නේ. ඒ තමයි ‘අග්නි’ සාම්ප්‍රදායික පහතරට නර්තනය විතරක් මූලික කර ගත්ත ලංකාවේ තියෙන එකම පරිපූර්ණ නර්තන තරගාවලිය. එහෙම කියන්නේ හේතු කිහිපයක් නිසා. එක, මොකක් හරි නැටුමක් පුරුදු වෙලා ඇවිල්ලා නටලා තෑග්ගක් අරන් යන නර්තන තරගාවලියක් නෙමෙයි මේක. පළමුවෙනි වටය අවසානයේ දී කුසපත් ඇදීමකින් තෝරගත්ත නර්තන අංගය…









