ලෝක උරුම සිංහරාජයේ කොටසක් වනසන බවට කොලොන්න ප‍්‍රාදේශිය සභාවට චෝදනා

ලෝක උරුම සිංහරාජයේ කොටසක් වනසන බවට කොලොන්න ප‍්‍රාදේශිය සභාවට චෝදනා

ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ ‘‘මෝනින් සයිඞ්’’ හෙවත් ‘‘හිමිදිරි පෙදෙස’’ සංචාරක බංගලාවට පිවිසෙන මාර්ගය දෙපස රක්ෂිතයට, කොලොන්න ප‍්‍රාදේශීය සභාව විසින් බැකෝ යන්ත‍්‍ර යොදා හානි සිදු කර ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරනවා.  කිලෝ මීටර් 5කට ආසන්න දුරක්  එලෙස වන රක්ෂිතය හායනයට ලක්කර ඇත්තේ අදාළ රාජ්‍ය ආයතනවල කිසිදු අවසරයකින් තොරව බවයි පරිසර සංවිධාන චෝදනා කරන්නේ. වැසි…

රනිල්ගේ එස් ටී එෆ් ආරක්ෂාව ඉවතට

රනිල්ගේ එස් ටී එෆ් ආරක්ෂාව ඉවතට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබාදී තිබූ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කර ඇත. ඊට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රමට සහ තිලක් මාරපනට ලබාදී තිබූ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂකයින්ද ඉවත් කර ඇති බවයි වාර්තා වෙයි.  

විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී

විජය සෝමරත්නයන්ගේ “ගිරේ” නොවැම්බර් 23 කැලණිය සංස්කෘතික රඟහලේදී

ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පි මෙන්ම කර්තෘවරයෙකු වන විජය සෝමරත්නයන් අධ්‍යක්ෂණය කළ “ගිරේ” නාටය්‍ය එළඹෙන 23 වැනිදා සවස 6.00ට කැලණිය සංස්කෘතික රඟහලේදි වේදිකාගත කෙරේ. මෙහි සංගීතය අජිත් රත්නායකයන්ගෙන් වන අතර කථනය අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චිගෙනි. ප්‍රවීණ වේදිකා නාට්‍යවේදියකුවන විජය සෝමරත්න මහතා “සුරපුරෙන් තහංචියක” නාට්‍යයෙන් වේදිකාවට පිවිස නාට්‍ය ගණනාවකම රංගනයට දායවී තිබේ. මොනවද මේ කතා, සුදනා මමයි නාට්‍ය…

වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක්  මරුට

වසර අසු අටකට වැඩි පැරණි පාලමක් කඩා වැටී දෙදෙනෙක්  මරුට

නිරිතදිග ප්‍රංශයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ පුවත්  පවසයි. පාමයිරොපොයික්ස්-සර්-ටාර්න් සහ බෙසියර්ස් නගර සම්බන්ධ කරන අඩි 510 ක ලෝහ පාලම 1930 ගණන් වලදී ඉදිකර ඇත. මෙම පාලම මතින් ගමන් කළ හැකි උපරිම බර ප්‍රමාණය ටොන් 19 කි. මෙම පාලම  2003 දී ප්‍රතිසංස්කරණය කර ඇති අතර  2017 පරීක්ෂණයකදී කිසිදු ව්‍යුහාත්මක ගැටළු හෝ…

ඔස්ට්‍රලේෂියා පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවළියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගනී

ඔස්ට්‍රලේෂියා පිස්තෝල වෙඩිතැබීමේ තරඟාවළියේදී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් දිනාගනී

2019 ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවළිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම  කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියහ. මෙම තරඟාවළිය 2019 නොවැම්බර් මස 10 වන දින සිට 18 වන දින දක්වා පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැත්විණි. මිලි මීටර් 9 නිශ්පාදන අංශය යටතේ සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූහ. ශ්‍රී…

ක්‍රීඩිකා  ඇලිස් පෙරී  බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි

ක්‍රීඩිකා  ඇලිස් පෙරී  බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරඟයෙන් ඉවත් කරයි

සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා  ඇලිස් පෙරී හදිසි ආබාධයකට ලක් වීම  නිසා සති 3ක කාලයක් ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා ඇලිස් පෙරී ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණි. පසුගිය දා පැවැති සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සහ මෙල්බරන් රෙනගේඩ්ස් කණ්ඩයම් අතර…

චීනයට අධික හිම පතනයක්

චීනයට අධික හිම පතනයක්

චීනයේ ප්‍රදේශ කිහිපයකින් අධික හිමපතනයක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. දැඩි හිමපතනය සමග දෘෂ්ටියේ අපහසුතා මතුව ඇති බවත ඒ හේතුවෙන් ප්‍රදේශයේ රිය ධාවනයද අවදානම් සහගත වී ඇති බව සඳහන් වේ. මේ අතර අයහපත් කාලගුණය මධ්‍යයේ මහාමාර්ගවල සිරවී සිටි පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුමක්ද එරට බලධාරීන් ආරම්භ කර ඇත. මහා මාර්ගවල හිම එක්රැස්වීම සහ ලිස්සන සුළු…

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

සිරියාවේ ඉඩ්ලිබ් පළාතට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. රුසියානු ගුවන් ප්‍රහාරවලින් ආසන්න වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණායතනය පවසයි. ගුවන් ප්‍රහාර හේතුවෙන් මිලාජා (Milaja) ගම්මානයේ ගොඩනැගිලි කඩාවැටී ඇති අතර ස්වේච්ඡා සේවකයින්ගේ ද සහභාගීත්වයෙන් සුන්බුන් අතර සිරව සිටි පිරිස් සොයා මෙහෙයුමක් ආරම්භ කළේය. ඉඩ්ලිබ් පළාත සහ ඒ අවට ප්‍රදේශ…

විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

හොංකොං හි විරෝධතා අතරතුර පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් සිය දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගඅවට ගෙන තිබේ.  දින කිහිපයක් පුරා විරෝධතාකරුවන් විසින් විශ්වවිද්‍යාලය තුල රැඳී සිටිමින් විරෝධතාවල යෙදී ඇති අතර ඔවුන් එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ. ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් සහ රබර් උණ්ඩ ද එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය…

තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 5ට ආරම්භ කරනවා

තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 5ට ආරම්භ කරනවා

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 05.00ට ආරම්භ කරන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. 16 මධ්‍යම රාත්‍රිය වන විට  ඡන්ද ප්‍රතිඵලයක් හෝ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද දේශප්‍රිය මහතා කියා සිටියි.