මෙරට රාජ්‍ය ආයතනයන් වෘත්තීයවේදීන් භාරගත යුතුයි

මෙරට රාජ්‍ය ආයතනයන් රටේ වෘත්තියවේදීන් භාර ගැනීමට ඉදිරිපත් විය යුතු බවත්, මහබැංකුව, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන වෘත්තියවේදීන් විසින් පාලනය කිරීම තුළින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකිවන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ගම්පහ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා,
“මේ වනවිට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන බිමටම වැටී තිබෙනවා. අද වනවිට කියන්න කනගාටුයි මේ රටේ ඛනිජ තෙල් සම්පත, ඉන්දියානු තෙල් සමාගම විසින් ගිලගනිමින් තිබෙනවා. මොකද අපිට ඩොලර් නැහැ. නැව් එළියේ නවතාගෙන තිබෙනවා. ඉන්දියානු තෙල් ටික ලැබෙනවා. රාජ්‍ය ආයතන ගැන හුඟ දෙනෙක් කතා කරනවා.

අපි ආවොත් මෙහෙම කරනවා කියලා කියනවා. හැබැයි අපි වැඩ කරලා පෙන්නපු මිනිස්සු. දින සියයේ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය සහ ඛනිජතෙල් සංස්ථාවත් මගේ අමාත්‍යාංශ ලෙස පවත්වාගෙන ගිය අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කර විදුලි බිල සියයට දහතුනකින් අඩු කළා. ඒ විතරක් නෙමෙයි ඒ අවුරුද්දෙ කෝටි 4,500ක පාඩුවක් අපේක්ෂා කළා. නමුත් කෝටි 2,000ක් අපි පළමු දින සියයේදී ලාභ ලැබුවා.

මම කියනවා අපි මොනවද කළේ කියලා අහන ගෝඨාභයගෙන් පුළුවන් නම් අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් කරලා පෙන්වන්න. එය අභියෝගයක්. අද මේ රට ඉන්නෙ අධිවේගී මාර්ග හදන තැනක නොවෙයි. මේ රට ඉන්නෙ පාරවල් ලක්ෂයක් කාපට් කරන්න පුළුවන් තැනක නොවෙයි. මිනිස්සු තෙල්, ගෑස් පෝලිම්වල ශාප කරමින් ඉන්නෙ කන්න නැතිව.

බැසිල් රාජපක්ෂ මහත්තයගේ වැඩ ලක්ෂය සමග ජුනි මාසයේ ඡන්දයක් තියන්න යනවා. ඒකට අවශ්‍ය ඡන්දය සොයමින් සිටිනවා. ඒ වගේම අර ඉන්දියාවෙන් ලැබෙන ණය යටතේ ජනතාවට සහන දෙන්න යනවා. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේවයේ ගෞරවය රැකගත යුතුයි. රාජ්‍ය සේවයට ජෙනරාල්වරුන් දැම්මයි කියා සාර්ථක වී නැහැ. අන්තිම අසාර්ථකයි. රාජ්‍ය සේවයේ ඉන්නවා ඒ වෙනුවෙන් කැප වූ විධිමත් අධ්‍යාපනය ලබාගත් පිරිසක්. ඒ පිරිසට එම කටයුත්ත කරගන්න ඉඩදී මිලිටරීකරණය නතර කළ යුතුයි.

ඔබලාගේ මර්දනයන්ට මේ රටේ ජනතාවගේ විරෝධය නතර කරන්නට බැහැ. රටේ සියලුම නිලධාරීන්ට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලුම නිලධාරීන්ට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලුම දෙනාටත්, පොලිස් දෙපාර්තමේන්තුව භාර නිලධාරීන් සියලුම දෙනාටත් අපි කියන්නෙ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සියලුම දෙනා දැනුවත්. රට දැනුවත්. මතක තියාගන්න ඒවාට අන්තිමට වගකියන්න වන්නේ ඔය දේශපාලනඥයන්ට නොව ඔබටයි.

ඒ නිසා කිසිම ආකාරයක නීති විරෝධී කටයුතුවලින් වැළකී සිටින ලෙස අපි ආයාචනය කරනවා. කොන්ද කෙලින් තියාගෙන වැඩ කටයුතු කරන්න.

අපි වෘත්තීයවේදී බල ඇණි සකස්කර තිබෙනවා. වෘත්තීයවේදීන් මේ රටේ ප්‍රධාන ආයනත භාර ගැනීමට සූදානම් විය යුතුයි. ඒ වගේම රටට ආදරය කරන අය, දූෂණයට නොගෑවිච්ච අය, මේ රටේ ප්‍රධාන ආයතන හැසිරවීමට දැන් ඉදිරිපත් විය යුතුයි. ඒ සඳහා අපි ආරාධනය කරනවා ප්‍රමුඛ වෘත්තීයවේදීන්ට.

මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ට, විදුලිබල ඉංජිනේරුවරුන්ට, ඒ වාගේම රසායනික ඉංජිනේරුවරුන්ට, වෛද්‍යවරුන්ට, පරිපාලකයන්ට ඉදිරිපත් වෙලා ආයතන වෘත්තීය මට්ටමින් රට පාලනය කළ යුතුයි. ප්‍රායෝගිකව රට ගැන සිතා පොදු අරමුණකින් අපි එකට එකතු වෙමු” යනුවෙන් පැවසීය.

– සජබ පා.ම. පාඨලී චම්පික රණවක

‘අද’ පුවත්පත් වාර්තාව 2022.03.29

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….