cyber-attack katha puwath

රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි . මෙම සයිබර් ප්‍රහාරය නිසා රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇත.

මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි මස 17 වන දින සිට අගෝස්තු මස 26 වැනිදා දක්වා කාලය තුළදි එල්ල වී ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා සඳහන් කළේය.

මධ්‍යම ඊමේල් පහසුකම් නැති ආයතන කිහිපයකට ICT ආයතනයෙන් ඊමේල් පහසුකම ලබාදී ඇති බවත්, 2007 වසරේ සිට ක්‍රියාත්මකවු මෙම පද්ධතිය 2013 වසරේ ස්ථාපනය කරන්න යෙදුන ඊමේල් පද්ධතිය මේ වනවිට කල් ඉකුත් වු තත්ත්වයට පත්වීම නිසා එහි ආරක්ෂක යෙදවුම් හානියට පත්ව ඇතිබවත් ඔහු පවසයි .

අගෝස්තු 26 වනදා එල්ලවූ සයිබර් ප්‍රහාරයත් සමගම එම පද්ධතිය භාවිතයට ගතහැකි තත්ත්වයෙන් ඉවත්ව අත. 2014 වසඑව්න් පසු මේ වෙනතුරු එහි යාවත්කාලින කිරීමක් සිදුව නැත . ඉදිරියේදී මෙවැන්නක් සිදුනොවෙන්න අවශ්‍ය යාවත්කාලීන කටයුතු හා පරිපාලන කටයුතු ශක්තිමත්ව ICT ආයතනය කටයුතු කරනා බවත් එහි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා පැවසීය.

Similar Posts