ආර්ථික අභියෝග ජය ගත මඟ රනිල් කියයි

gfolck

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ දැනුම හා හැකියාවන් නිර්මාණශීලිව යොදා ගැනීම තුළින් ජාත්‍යන්තර වෙළෙදපොළ ජයගත හැකි බවත් එමගින් වර්තමානයේ රටේ ඇති වී තිබෙන ආර්ථික අභියෝග ජය ගත හැකි බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ Gflock විසින් ක්‍රියාත්මක කරනු ලබන “Gflock Life” යන තේමාව යටතේ මහ කන්නය සඳහා වී වගා කිරීමේ කටයුතු පඬුවස්නුවර ප්‍රදේශයේදී ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්ලද්දරගේ මහතා,

“අපේ රටේ මේ අවස්ථාවේ ඩොලර් අර්බුදයක් පවතින අතර එය ජය ගැනීමට ඇගලුම් නිෂ්පාදන වැඩි වශයෙන් ජාත්‍යන්තර වෙළෙදපොළට ඉදිරිපත් කළ යුතුයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට අවශ්‍ය ඩොලර් ඉපැයීම සඳහා ඇගලුම් ක්ෂේත්‍රය විශාල දායකත්වයක් මේ අවස්ථාවේදීත් ලබා දෙමින් තිබෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තරයේ පවතින ඇගලුම් සඳහා වන විදෙස් සන්නාමයන් අභිබවා යා හැකි ශ්‍රී ලාංකීය සන්නාමයන් ජාත්‍යන්තරයට හදුන්වා දිය යුතුයි. ඒ සඳහා Gflock විදෙස් සන්නාමයන් හා තරඟ කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහයක් වීම සඳහා අවශ්‍ය ඩොලර් ඉපැයීමේ කටයුතු වල නිරත වෙමින් සිටිනවා.

රටේ ඉහළ යන උද්ධමනය පහළ මට්ටමකට ගෙනඒමට අපි නිෂ්පාදන ආර්ථිකයකට එළඹිය යුතුයි. මෙරට නිෂ්පාදන ධාරිතාවයන් වැඩි කරමින් එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ තරගකාරී භාණ්ඩ බවට පත් කිරීමෙන් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ඒමට පුළුවන්. විශේෂයෙන් ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයින්ට රජය අවශ්‍ය සහායෝගය ලබා දිය යුතුයි. වර්තමානයේ නිර්මාණශීලි තරුණ තරුණියන් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීමට වැඩි කැමත්තක් දක්වන අතර එවැනි ව්‍යාපාර සදහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඔවුන් දිරිමත් කළ හැකියි.

මෙවන් අවස්ථාවක අඩු ආදායම් ලාභී ජනතාව ආරක්ෂා කර ගැනීමට සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අපේ වගකීමක්. ඒ සදහා Gflock සමාජ සුබසාධන වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් යහපත් සමාජ පසුබිමක් නිර්මාණය කිරීමට මෙන්ම රටේ ආර්ථික අර්බුදයන් විසදීම සඳහා තිරසාර විසදුම් සෙවීම සඳහා දායක වන බව” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….