gfolck

ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ගේ දැනුම හා හැකියාවන් නිර්මාණශීලිව යොදා ගැනීම තුළින් ජාත්‍යන්තර වෙළෙදපොළ ජයගත හැකි බවත් එමගින් වර්තමානයේ රටේ ඇති වී තිබෙන ආර්ථික අභියෝග ජය ගත හැකි බව Gflock සභාපති රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ Gflock විසින් ක්‍රියාත්මක කරනු ලබන “Gflock Life” යන තේමාව යටතේ මහ කන්නය සඳහා වී වගා කිරීමේ කටයුතු පඬුවස්නුවර ප්‍රදේශයේදී ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් විල්ලද්දරගේ මහතා,

“අපේ රටේ මේ අවස්ථාවේ ඩොලර් අර්බුදයක් පවතින අතර එය ජය ගැනීමට ඇගලුම් නිෂ්පාදන වැඩි වශයෙන් ජාත්‍යන්තර වෙළෙදපොළට ඉදිරිපත් කළ යුතුයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට අවශ්‍ය ඩොලර් ඉපැයීම සඳහා ඇගලුම් ක්ෂේත්‍රය විශාල දායකත්වයක් මේ අවස්ථාවේදීත් ලබා දෙමින් තිබෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තරයේ පවතින ඇගලුම් සඳහා වන විදෙස් සන්නාමයන් අභිබවා යා හැකි ශ්‍රී ලාංකීය සන්නාමයන් ජාත්‍යන්තරයට හදුන්වා දිය යුතුයි. ඒ සඳහා Gflock විදෙස් සන්නාමයන් හා තරඟ කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහයක් වීම සඳහා අවශ්‍ය ඩොලර් ඉපැයීමේ කටයුතු වල නිරත වෙමින් සිටිනවා.

රටේ ඉහළ යන උද්ධමනය පහළ මට්ටමකට ගෙනඒමට අපි නිෂ්පාදන ආර්ථිකයකට එළඹිය යුතුයි. මෙරට නිෂ්පාදන ධාරිතාවයන් වැඩි කරමින් එම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ තරගකාරී භාණ්ඩ බවට පත් කිරීමෙන් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ඒමට පුළුවන්. විශේෂයෙන් ඒ සඳහා සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයින්ට රජය අවශ්‍ය සහායෝගය ලබා දිය යුතුයි. වර්තමානයේ නිර්මාණශීලි තරුණ තරුණියන් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීමට වැඩි කැමත්තක් දක්වන අතර එවැනි ව්‍යාපාර සදහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඔවුන් දිරිමත් කළ හැකියි.

මෙවන් අවස්ථාවක අඩු ආදායම් ලාභී ජනතාව ආරක්ෂා කර ගැනීමට සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අපේ වගකීමක්. ඒ සදහා Gflock සමාජ සුබසාධන වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් යහපත් සමාජ පසුබිමක් නිර්මාණය කිරීමට මෙන්ම රටේ ආර්ථික අර්බුදයන් විසදීම සඳහා තිරසාර විසදුම් සෙවීම සඳහා දායක වන බව” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Similar Posts