වැනිලා කිරි පැකට් නිෂ්පාදන දෝෂයක්
මිල්කෝ ආයතනයට අයත් දිගන කර්මාන්තශාලාවේ නිෂ්පාදන දෝෂයක් නිසා වැනිලා රසැති කිරි පැකට් 122,000 ක තොගයක් එම කර්මාන්තශාලා භූමියේ වළ දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ. මිලි ලීටර් 180 ප්‍රමාණයේ මෙම කිරි පැකට් ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා නිෂ්පාදනය කර ඇති අතර, ඉකුත් 30 වැනිදා එම කිරි පැකට් ඩෝසර් යන්ත්‍රයක් යොදාගෙන කර්මාන්තශාලා භූමියේම වළ දැමූ බවද මිල්කෝ…