සියලු කොටස් 5,000 න් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ගනුදෙනු අවසානයේ දී ඒකක 144.82 කින් පහළ ගොස් ඒකක 4,874.73 ක් වශයෙන් වාර්තා විය. මෙය 2012 ජූලි 24 දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ගනුදෙනු අවසානයේ දී ඒකක 144.82 කින් පහළ ගොස් ඒකක 4,874.73 ක් වශයෙන් වාර්තා විය. මෙය 2012 ජූලි 24 දිනෙන් පසු වාර්තා වූ අඩුම සියලු කොටස් මිල දර්ශක අගය වේ.
කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරිමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීමත් සමගයි. කොටස් වෙළඳපොළේ සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම් 2020 මාර්තු 05 දින සංස්ථාපනය කර තිබේ. මෙය ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී යෝජිත ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලෙහි ඉදිරිකිරීම් පරිපාලනය, සංවර්ධනය හා නඩත්තුව මෙම සමාගමට පැවරෙනු ඇත.
INNOTECH 2020 ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. ලබන 14 වනදා දක්වා එය පැවැත්වෙන්නේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ දීයි. තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ 2020 ජාතික ප්‍රදර්ශනය සංවිධානකර ඇත්තේ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයයි. හෝමාගම පිටිපන ප්‍රදේශය ආවරණය වන පරිදි එය පැවැත්වෙන්නේ වසරේ දැවැන්තම නවෝත්පාදන ප්‍රදර්ශනය ලෙසින්. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක මෙන්ම ආරක්ෂක අංශ නියෝජනය…
රජයේ සුරැකුම්පත් හි විදෙස් හිමිකාරීත්වය පසුගිය සතිය වන විට රු. බිලියන 83 ක් දක්වා පහත වැටී ඇත. මෙම අගය 2020 පෙබරවාරි 26 දිනය වන විට දැක්වුණේ රු. බිලියන 91.24 ක් වශයෙනි. මේ අනුව ගෙවී ගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින් විසින් රු. බිලියන 8.23 ක සිය ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත….
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා (වියානා – සවීනා) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් නාරාහේන්පිට පිහිටි වෘත්තීය පුහුණු අධිකාරිය ප්‍රධාන කාර්යාලයේදී අත්සන් කළේය. එහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ සහ EURO Cosmetics ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ගැමුණු වීරවර්ධන යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.
ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂිත වොයිස් පැකේජ සහ ඩේටා පැකේජ ඉතා සහනදායී මිලකට මාර්තු 16 වැනිදා සිට ලබාදෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. ජනතාවට තොරතුරු දැන ගැනීමේදී මාධ්‍යවේදීන් මුහුණ දෙන ගැටලුවලට පිළියමක් ලෙස මෙම විශේෂ පැකේජ ක්‍රමයන් හඳුන්වා දෙන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ ඊයේ (2) තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය…
අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර ලබා දී ඇති අනුමැතිය පරිදි, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ චීනයේ යුනාන් ග්‍රාමීය විද්‍යා හා තාක්ෂණ සේවා මධ්‍යස්ථානය අතර සහයෝගිතාවයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ මාලබේ පිහිටි නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීර්ණයෙහි ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹ ඇත. එකී තාක්ෂණ විද්‍යාගාරය ස්ථාපිත කිරීම සඳහා මාලබේ පිහිටි නවීන පර්යේෂණ…
නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර, දැනට නිෂ්පාදන කටයුතු සිදු කරනු නොලබන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවයක් සහිත සියලුම රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ පවතින දැනට නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති…
බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග පැවති හමුවේ දී…