කෝවිඞ්-19 වසංගත තත්ත්වය සමග මතුවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා රජයේ ප‍්‍රයත්නයන්ට සහාය දීමක් ලෙස, නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2020 මාර්තු මස 27 වන දින හඳුන්වා දුන් ප‍්‍රතිමූල්‍යකරණ යෝජනා ක‍්‍රමය යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27. 5 ට අමතරව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත‍්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1 ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා බෙදී යෑම සහතික කරමින් බලපත‍්‍රලාභී වාණිජ බැංකු විසින් එම අරමුදල් සියයට 4 ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇති බව මහ බැංකුව පවසනවා.

Similar Posts