ගිලුණු නෞකා වලින් ගොඩ යන සැලැස්මක්
මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළදී මුහුදුබත් වූ නෞකා නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව හා පෞද්ගලික අංශයේ සංචාරක සමාගම් එක්කර ගනිමින් එම වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ. මෙරට මුහුදු තීරයට අයත් සීමාව තුළ මුහුදු බත් වී…