දරු පරපුරේ නිර්මාණශීලී බව හා ඉවසීමත් නැති කරන ආනයනික වෙසක් සැරසිලි
රට තුළ විකිණෙන ආනයනික ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් වෙසක් කූඩු නිසාවෙන් දේශීය වෙසක් කූඩු නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට දැඩි අපහසුතාවයක් පවතින බවත්, එමඟින් රට තුළ සිටින දරු පරපුරේ නිර්මාණශීලීතාවය, ඉවසීම සහ අවබෝධය වැනිදේ ඔවුන්ගේ සිත්වලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පාදකයෝ පවසති. උණ බට කපාගෙන ඇවිත් ඒවා ක්රමවත් ලෙස සකස් කරගෙන වෙසක් කූඩු නිර්මාණය කිරීම…









