අපරාධවලින් උපයන දේපළ රාජ සන්තක කිරීමට නව නීතියක්

අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක් ගෙන ඒමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත් බවත් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි.

මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් නීත්‍යානුකූලව අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සිදු කර ඇති අතර, පර්චස් 40 ක පමණ එම භූමි ප්‍රමාණය තුළ නීතිඥයින් සදහා කාර්යාල 134 ක් ඉදි කිරීමට නියමිතව තිබේ.

මහනුවර නීතිඥ සංගමයේ සාමාජිකයින් සදහා මේ වන විටත් කාර්යාල සංකීර්ණයක් පවතින අතර, එහෙත් මේ වන විට නීතීඥ වෘත්තියෙහි යෙදී සිටින නීතිඥයින් සදහා එම කාර්යාල සංඛ්‍යාව සිය වෘත්තිය කටයුතු සාර්ථකව සිදු කිරීමට ප්‍රමාණවත් ‌නොමැත.

එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ වැදගත්ම සාධකය වන්නේ නඩු සදහා පැටලී සිටින මහ ජනතාවයි. නීතිඥවරුන් කරනු ලබන්නේ රැකියාවක් නොවෙයි, එය ගෞරවණිය වෘත්තියක් බව සදහන් කළ යුතුයි. කිසියම් කෙනෙක් අධිකරණය සදහා යොමු වන්නේ පවතින ගැටළුවට යන්න වෙන තැනත් නොමැති නිසයි. ඒ නිසාම අධිකරණයට පැමිණෙන සේවාදායකයාගේ අයිතින් අපි අරක්ෂා කර දිය යුතුයි. පසුගිය වසර කාලයේ අපේ රටේ ආර්ථිකය බිද වැටුණා. රට අරාජික වුණා. රට භාර ගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. එවැනි තත්වයන් අනාගතයේ ඇති නොවන්න අපි වග බලා ගත යුතුයි. රට අරාජිකව ආර්ථිකය බිද වැටී අස්ථාවර රටක් නිර්මාණය වුණේ නීතියේ ආධිපත්‍යය බිද වැටුණු නිසයි. රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩ නගන්න නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ යුතුමයි.

නීතියේ ආධිපත්‍ය ගොඩ නැගෙන්න පාලිතයින් මෙන්ම පාලකයින්ද නීතියට අනුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න. ජී.එස්.පී.ප්ලස් ගන්න අපිට නීති හදුන්වා දෙන්න සිදු වුණා. 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරමින් මේ රටේ ස්වාධින කොමිෂන් සභා ඇති කළා . දුෂණ විරෝධි පනත සම්මත කළා . එම පනත්වල සුභවාදී ප්‍රතිඵල ඉදිරියේදී දකින්න පුළුවන්. පසුගිය වසර දෙක තුළ නව නීති අණ පනත් 75ක් සම්මත කිරීමට අධිකරණ අමාත්‍යාංශයට හැකියාව ලැබුණා. අපරාධවලින් වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට අදාළව නව නීතියක් ගෙන ඒමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ගත්තා‍. එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නවා. ඒ අනුව වංචා සහගතව උපයන ලද දේපළ රාජ සන්තක කිරීමට පියවර ගන්නවා. විශාල නඩු සංඛ්‍යාවක් පවතින මහනුවර නීතිඥයින් සදහා නව කාර්යාල සංකීර්ණයක් ඉදිරි කිරීම පිළිබදව සතුටු වෙන අතර ඒ වෙනුවෙන් කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළ කරන බවද අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතාගේ පුර්ණ මැදිහත්වීම මත නීතිඥ කාර්යාල සංකීර්ණය ඉදි කිරීම සදහා කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් පැවති උත්සව සභාව අමතමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, මහනුවර නීතිඥ සංගමයේ සභාපති සුනන්ද උදලාගම, ‌ලේකම් සුනිල් වීරකෝන් යන මහත්වරුන් අදහස් පළ කළහ.

ශ්‍රී ලංකාවේ දෙවන විශාල නීතිඥ සංගමය මහනුවර නීතිඥ සංගමය වන අතර 800 ක පමණ සාමාජිකයින් පිරිසක් සාමාජිකත්වය දරනු ලබයි.

මධ්‍යම පළාත්බද අභියාචනාධිකරණ විනිසුරුවරුන්, මහනුවර මහාධිකරණ විනිසුරුවරුන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් නීතිඥ සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක් වුහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….