සංචරණ සීමාවෙන් රැකියා අහිමි අඩු ආදායම් ලාභීන් සොයා පාලිත වියළි ආහාර බෙදයි
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ දේශපාලන හැසිරිම පිළිබඳ කළකිරීමෙන් පසුගිය කාලයේ දේශපාලනයෙන් ඈත්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කළුතර දිස්ත්‍රික්කයේ දැඩි ලෙස අසරණව සිටින ජනතාවට වියළි ආහාර බෙදා දෙන අයුරු දැක ගතහැකි විය. කොවිඩ් වසංගතය මර්දනය සදහා දැනට පනවා ඇති සංචරණ සීමා නිසා දෛනික රැකියා සිදු කළ අඩු ආදායම් ලබන ජනතාව ආහාර පාන ලබා ගත…